මීකායා කථාකොට: එබැවින් ඔබ ස්වාමීන්වහන්සේගේ වචනය ඇසුව මැනවි. ස්වාමීන්වහන්සේ තමන්ගේ සිංහාසනයේ හිඳිනවාත් මුළු ස්වර්ග සේනාව උන්වහන්සේ ළඟ උන්වහන්සේගේ දකුණු පැත්තේද වම්පැත්තේද සිටිනවාත් දුටුමි.
එසකියෙල් 16:35 - Sinhala Revised Old Version එබැවින් වේශ්‍යාවිය, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. Sinhala New Revised Version “ ‘එබැවින්, එම්බා වෙසඟනක වන ජෙරුසලම! සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට සවන් දෙන්න. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: Sinhala New Revised Version 2018 “ ‘එබැවින්, එම්බා වෙසඟනක වන ජෙරුසලම! සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට සවන් දෙන්න. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: |
මීකායා කථාකොට: එබැවින් ඔබ ස්වාමීන්වහන්සේගේ වචනය ඇසුව මැනවි. ස්වාමීන්වහන්සේ තමන්ගේ සිංහාසනයේ හිඳිනවාත් මුළු ස්වර්ග සේනාව උන්වහන්සේ ළඟ උන්වහන්සේගේ දකුණු පැත්තේද වම්පැත්තේද සිටිනවාත් දුටුමි.
සොදොමේ ආණ්ඩුකාරයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න; ගොමොරාවේ සෙනඟෙනි, අපේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට කන්දෙන්න.
අනේ, විශ්වාස නුවර වේශ්‍යාවක් වූ හැටි! ඒක යුක්තියෙන් පිරී තිබුණේය! එහි වාසයකළේ ධර්මිෂ්ඨකමය, නුමුත් දැන් සිටින්නේ මිනීමරන්නෝය.
එබැවින් යෙරුසලමෙහි සිටින මේ සෙනඟ ආණ්ඩුකරන නින්දාකාර මනුෂ්‍යයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.
මනුෂ්‍යයෙක් තමාගේ භාර්යාව අත්හැරිය කල, ඈ ඔහු වෙතින් ගොස් වෙන මනුෂ්‍යයෙකුට වුණොත්, ඔහු නැවත ඈ වෙතට හැරෙනවා ඇද්ද? ඒ දේශය ඉතා පිළිකුල් නොවන්නේදැයි ඔව්හු කියති. නුඹ වනාහි ආලය ඇත්තන් බොහෝදෙනෙකු සමඟ වේශ්‍යාකම්කෙළෙහිය; එහෙත් මා වෙතට හැරීඑන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මනුෂ්‍ය පුත්‍රය, අනාගතවාක්‍ය කියන්නාවූ ඉශ්‍රායෙල්හි අනාගතවක්තෘවරුන්ට විරුද්ධව නුඹ අනාගතවාක්‍ය කියමින්, තමුන්ගේම සිතින් උපදවා අනාගතවාක්‍ය කියන්නන්ට මෙසේ කියන්න: ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න;
නුඹේ වේශ්‍යාකම්වලදී නුඹේ අන්දම අන් ස්ත්‍රීන්ට වෙනස්ය, මක්නිසාද වේශ්‍යාකමට කිසිවෙක් නුඹ පස්සේ එන්නේ නැත. නුඹ පණයම් දෙනවා මිස නුඹට පණයම් දෙන්නේ නැත, මෙසේ නුඹ වෙනස්ය.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ ප්‍රේමවන්තයන් සමඟද නුඹේ සියලු පිළිකුල්වල රූප සමඟද නුඹ කළ වේශ්‍යාකම්වලිනුත් නුඹ ඒවාට දුන් නුඹේ දරුවන්ගේ ලේවලිනුත් නුඹේ මුදල් වියදම්වී නුඹේ නග්නභාවය පෙනුණු බැවින්,
දකුණු දිශාවේ වනයට මෙසේ කියන්න–ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම නුඹ තුළ ගින්නක් පත්තුකරමි, එයින් නුඹ තුළ තිබෙන සියලු අමු ගස්ද සියලු වියළි ගස්ද දැවීයන්නේය. ඒ ඇවිළෙන ගිනිමැලය නොනිවී, එයින් දකුණේ සිට උතුර දක්වා සියලු මුහුණු දැවෙන්නේය.
ඔවුන්ගේ මව් වේශ්‍යාකම්ද ඔවුන් බිහිකළ තැනැත්තී නින්දිතකම්දකර තිබේ. මක්නිසාද ඈ කථාකොට: මට කෑමද වතුරද ලොම්ද හණද තෙල්ද බීමද දෙන්නාවූ මාගේ ප්‍රේමවන්තයන් පස්සේ යන්නෙමියි කීවාය.
ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. මක්නිසාද සැබෑකමවත් කරුණාවවත් දෙවියන්වහන්සේ ඇඳිනගැනීමවත් දේශයෙහි නැති හෙයින් දේශයේ වැසියන් සමඟ ස්වාමීන්වහන්සේට පැමිණිල්ලක් තිබේ.
එබැවින් දැන් ස්වාමීන්වහන්සේගේ වචන අසන්න: ඉශ්‍රායෙල්ට විරුද්ධව අනාගතවාක්‍ය කියන්ටවත් ඊසාක්ගේ වංශයට විරුද්ධව වචනයක් කියන්ටවත් එපායයි නුඹ කියන්නෙහිය.
මෙසේ වෙන්නේ මන්ත්‍රකාරීවූ ඉතා ශෝභමාන වේශ්‍යාවීගේ වේශ්‍යාකම් රාශිය නිසාය; ඇගේ වේශ්‍යාකම්වලින් ඈ ජාතීන්ද ඇගේ මන්ත්‍රවලින් පවුල්ද විකුණන්නීය.
යේසුස්වහන්සේ ඈට උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ දීමනාවත්, මට බොන්ට දෙන්නැයි නුඹට කීවේ කවුද කියාත් නුඹ දැනගන සිටියා නම්, නුඹ ඔහුගෙන් ඉල්ලනවා ඇත, එවිට ඔහු නුඹට ජීවනදායක වතුර දෙනවා ඇතැයි කීසේක.
මක්නිසාද නුඹට පුරුෂයන් පස්දෙනෙක් සිටියෝය; නුඹට දැන් සිටින තැනැත්තා නුඹේ පුරුෂයා නොවේ. එය නුඹ සැබෑලෙස කීවෙහියයි කීසේක.
ඇගේ නළල පිට: රහසක්ය, මහා බබිලෝනියය, පොළොවේ වේශ්‍යාවන්ගේද පිළිකුල්කම්වලද මවුය යන නාමයක් ලියා තිබුණේය.