Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 4:18 - Sinhala Revised Old Version

18 මක්නිසාද නුඹට පුරුෂයන් පස්දෙනෙක් සිටියෝය; නුඹට දැන් සිටින තැනැත්තා නුඹේ පුරුෂයා නොවේ. එය නුඹ සැබෑලෙස කීවෙහියයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 මන්ද, ඔබට පුරුෂයෝ පස් දෙනෙක් සිටියාහ; දැන් සිටින තැනැත්තේ ඔබේ පුරුෂයා නො වේ; මේ දේ ඔබ සැබෑ ලෙස පැවසුවෙහි ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

18 ඇත්ත නම් ඔබට ස්වාමි පුරුෂයන් පස්දෙනකුම සිටියා; දැන් ඔබ සමඟ සිටින තැනැත්තා ඔබේ ස්වාමි පුරුෂයා නො වේ; ඔබ කී දේ ඇත්තයි” කී සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 මන්ද, ඔබට පුරුෂයෝ පස් දෙනෙක් සිටියාහ; දැන් සිටින තැනැත්තේ ඔබේ පුරුෂයා නො වේ; මේ දේ ඔබ සැබෑ ලෙස පැවසුවෙහි ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 4:18
16 හුවමාරු යොමු  

එහෙත්, ඉශ්‍රායෙල් වංශය, භාර්යාවක් ඇගේ පුරුෂයාට ද්‍රෝහිකම්කරන්නාක්මෙන් නුඹලා මට විරුද්ධව ද්‍රෝහිකම්කළහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඒ ස්ත්‍රී ඇගේ පුරුෂයා අත්හැර වෙන කෙනෙකු සරණපාවා ගන්නී නම්, ඈද කාමමිථ්‍යාචාරය කරන්නීයයි කීසේක.


පුරුෂයා ජීවත්ව සිටියදී ඈ අන් පුරුෂයෙකුට බැඳුණොත්, ඈ කාමමිථ්‍යාචාරිනීයයි කියනු ලබන්නීය. නුමුත් පුරුෂයා මැරුණු පසු ඈ අන් කෙනෙකුට බැඳුණත්, ඈ කාමමිථ්‍යාචාරිනියක් නොවන ලෙස ඒ ව්‍යවස්ථාවෙන් නිදහස්ව සිටින්නීය.


කාමමිථ්‍යාචාරය කරන භාර්යාවක්ය! තමාගේ පුරුෂයා වෙනුවට අන්‍යයන් ගන්න ස්ත්‍රියෙක්ය!


ඇරත් මැරුණු අයගේ නාමය ඔහුගේ සහෝදරයන් අතරෙන්ද ඔහුගේ ස්ථානයේ දොරටුවෙන්ද මැකීනොයන පිණිස මැරුණු අයගේ උරුමය කෙරෙහි ඔහුගේ නාමය ගෙනයන පිණිස මාලොන්ගේ භාර්යාවවූ මෝවබිය රූත් මාගේ භාර්යාව කොට මිලදී ගතිමි. ඊට නුඹලා අද සාක්ෂිකාරයෝයයි කීවේය.


කාමශංකාව පිළිබඳ ව්‍යවස්ථාව මේය: ස්ත්‍රියෙක් තමාගේ පුරුෂයා යටතේ සිටිනාතර අහක්ව ගොස් කිලුටුවූ කල හෝ,


වේශ්‍යාවකුට මෙන් අපගේ සහෝදරීට ක්‍රියාකරන්ට ඔහුට යුතුදැයි ඔව්හු කීවෝය.


එවිට දේශයේ අධිපතිවූ හිවීය හාමොර්ගේ පුත් ෂෙඛෙම් ඈ දුටුවේය; ඔහු ඈ රැගෙන ඈ සමඟ සයනය කොට ඈ අපවිත්‍ර කෙළේය.


නුමුත් දෙවියන්වහන්සේ රාත්‍රියේ හීනයකින් අබිමෙලෙක් වෙතට පැමිණ: බලව, නුඹ ගෙන්වාගත් ස්ත්‍රිය නිසා නුඹ මළ කෙනෙක්ය, මක්නිසාද ඈ මනුෂ්‍යයෙකුගේ භාර්යාවයයි ඔහුට කීසේක.


විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක.


ස්ත්‍රීද උන්වහන්සේට උත්තරදෙමින්: මට පුරුෂයෙක් නැතැයි කීවාය යේසුස්වහන්සේ ඈට කියනසේක්: මට පුරුෂයෙක් නැතැයි නුඹ කීවා හරිය.


ස්ත්‍රී උන්වහන්සේට කියන්නී: ස්වාමිනි, ඔබ අනාගතවක්තෘ කෙනෙකු බව මට පෙනේ.


එබැවින් වේශ්‍යාවිය, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.


ගොස් නුඹේ පුරුෂයා කැඳවාගෙන මෙහි එන්නැයි යේසුස්වහන්සේ ඈට කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්