ඒකේ අතු වේළුණාම කඩාදමනු ලැබේ; ස්ත්‍රියෝ ඇවිත් ඒවා දවන්නෝය. මක්නිසාද ඔව්හු නුවණ නැති සෙනඟක්ය; එබැවින් ඔවුන්ගේ මැවුම්කාරයාණෝ ඔවුන්ට අනුකම්පා නොකරනසේක, ඔවුන් සෑදූ තැනන්වහන්සේ ඔවුන්ට කරුණා නොකරනසේක.
එසකියෙල් 15:6 - Sinhala Revised Old Version එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: වනයේ ලී අතරේ මුද්‍රික ලීත් මා විසින් ගින්නට දර පිණිස දී තිබෙන්නාක්මෙන් යෙරුසලමේ වැසියන් දෙන්නෙමි. Sinhala New Revised Version “එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම වනයෙන් මිදි වැලේ ලීය ගෙන පුළුස්සාදැමුවාක් මෙන් ජෙරුසලම් වැසියන්ට දඬුවම් කරන්නෙමි. Sinhala New Revised Version 2018 “එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම වනයෙන් මිදි වැලේ ලීය ගෙන පුළුස්සාදැමුවාක් මෙන් ජෙරුසලම් වැසියන්ට දඬුවම් කරන්නෙමි. |
ඒකේ අතු වේළුණාම කඩාදමනු ලැබේ; ස්ත්‍රියෝ ඇවිත් ඒවා දවන්නෝය. මක්නිසාද ඔව්හු නුවණ නැති සෙනඟක්ය; එබැවින් ඔවුන්ගේ මැවුම්කාරයාණෝ ඔවුන්ට අනුකම්පා නොකරනසේක, ඔවුන් සෑදූ තැනන්වහන්සේ ඔවුන්ට කරුණා නොකරනසේක.
ඉන්පසු මම යූදාහි රජවූ ශෙදෙකියාද, ඔහුගේ සේවකයන්ද, සෙනඟද, එනම් වසංගතයෙනුත් කඩුවෙනුත් සාගතයෙනුත් මේ නුවර ඉතුරු වෙන්නන්, බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතටත් ඔවුන්ගේ සතුරන් අතටත් ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් පාවාදෙන්නෙමි. ඔහුද ඔවුන්ට කරුණා නොකොට, අනුකම්පාකරන්නේවත් දයාවෙන්නේවත් නැතුව, ඔවුන්ට කඩුමුවහතින් පහර දෙන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
එනම් යෙරුසලමටත් යූදාහි නුවරවලටත් එහි රජවරුන්ටත් එහි අධිපතීන්ටත් අද දවසේ පෙනෙන ලෙස ඔවුන් පාළුවක්ද විස්මයක්ද නින්දාවක්ද ශාප-වචනයක්ද කරන පිණිස පෙවුවෙමි.
සිංහයෙක් තමාගේ කැලෑවෙන් නික්මුණේය; ජාතීන් නාස්තිකරන්නෙක්ද නික්ම ගියේය; නුඹේ දේශය පාළුකරන පිණිස ඔහු තමාගේ ස්ථානයෙන් පිටත්වී ගමන්කරන්නේය; වැසියෙක් නොසිටින හැටියට නුඹේ නුවරවල්ද විනාශවන්නේය.
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මාගේ උදහසත් මාගේ කෝපයත් මේ ස්ථානය පිට එනම් මනුෂ්‍යයාද මෘගයාද කෙතේ ගස්ද භූමියේ ඵලද කෙරෙහි වගුරවනු ලබන්නේය; එය නොනිවෙන ලෙස ඇවිළෙන්නේයයි කියනසේක.
මනුෂ්‍ය පුත්‍රය, වෙන යම් ලී ජාතියකට නොහොත් වනයේ ගස්වලට වඩා මුද්‍රික අත්තේ ඇති අගය මොකද?
බලව, ඒක දර පිණිස ගින්නට දමනු ලැබුවේය. එහි කොන් දෙක ගින්නෙන් දාලාගොස් මැදත් පත්තුවී තිබේ; ඒක යම් වැඩකට සුදුසුද?
ඒක සම්පූර්ණව තිබියදීවත් කිසි වැඩකට සුදුසු නොවීය. ඒක ගින්නට දාලාගොස් පත්තුවී තිබියදී සුදුසුවන්නේ කොහොමද? තවත් යම් වැඩකට ගනු ලැබේද?
මාගේ මුහුණද ඔවුන්ට විරුද්ධව තබන්නෙමි; ඔවුන් ගින්නෙන් නික්ම ගිය නුමුත් ගින්න ඔවුන් නාස්තිකරනවා ඇත; මා විසින් ඔවුන්ට විරුද්ධව මාගේ මුහුණ තබන විට මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.
නුමුත් මාගේ මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට මා විසින් අණකළ මාගේ වචනත් මාගේ නියෝගත් නුඹලාගේ පියවරුන් කරා පැමුණුනා නොවේද? එවිට ඔව්හු හැරී: සේනාවල ස්වාමීන්වහන්සේ අපට කරන්ට අදහස්කළ ප්‍රකාරයට අපේ මාර්ග සහ අපේ ක්‍රියාවල හැටියට උන්වහන්සේ අපට කළසේකැයි කීවෝයයි කීය.