ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 14:16 - Sinhala Revised Old Version

ඒ මනුෂ්‍යයන් තුන්දෙනා එහි සිටියත්, මා ජීවමාන බව සැබෑවා සේම, ඔවුන් පුත්‍රයන්වත් දූවරුන්වත් ගළවාගන්නේ නැතුව ඔවුන් පමණක්ම ගැළවෙනවා ඇත, දේශයද පාළුවක් වෙනවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීයේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඒ මනුෂ්‍යයන් තිදෙනා එහි සිටියත්, මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි. ඔවුන්ට සිය දරුදැරියන් වත් ගළවාගත නොහැකි වන්නේ ය. ඔවුන්ට ගළවාගත හැකි වන්නේ ඔවුන්ගේ ම ජීවිත පමණකි. දේශය ද පාළුවක් වනු ඇත. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඒ මනුෂ්‍යයන් තිදෙනා එහි සිටියත්, මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි. ඔවුන්ට සිය දරුදැරියන් වත් ගළවාගත නොහැකි වන්නේ ය. ඔවුන්ට ගළවාගත හැකි වන්නේ ඔවුන්ගේ ම ජීවිත පමණකි. දේශය ද පාළුවක් වනු ඇත. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 14:16
13 හුවමාරු යොමු  

තවද දෙවියන්වහන්සේ සමභූමියෙහි නුවරවල් විනාශකරන කල්හි දෙවියන්වහන්සේ ආබ්‍රහම් සිහිකොට, ලොත් විසූ නුවරවල් විනාශකරද්දී ඒ විනාශය මධ්‍යයෙන් ලොත් පිටතට යැවූසේක.


අපට විරුද්ධව නැගුටුණු අය සැබවින් සිඳිනු ලැබුවෝය, ඔවුන්ගේ ඉතිරිවූ දෙය ගින්නෙන් දාලා ගියේයයි කියති.


නෝවාද දානියෙල්ද යෝබ්ද යන මේ මනුෂ්‍යයන් තුන්දෙනා එහි සිටියත්, ඔවුන් තමුන්ගේ ධර්මිෂ්ඨකමින් තමුන්ගේම ප්‍රාණ පමණක් ගළවාගන්නවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


ඒ මනුෂ්‍යයන් තුන්දෙනා එහි සිටියත් මා ජීවමාන බව සැබෑවා සේම, ඔවුන් පුත්‍රයන්ද දූවරුන්ද ගළවාගන්නේ නැතුව ඔවුන් පමණක් ගැළවෙනවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


නෝවාද දානියෙල්ද, යෝබ්ද එහි සිටියත්, මා ජීවමාන බව සැබෑවා සේම, ඔවුන් පුත්‍රයෙක්වත් දුවෙක්වත් ගළවාගන්නේ නැත; ඔවුන් තමුන්ගේ ධර්මිෂ්ඨකමින් ස්වකීය ප්‍රාණ පමණක් ගළවාගන්නවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


පව්කරන ප්‍රාණයම නසිනවා ඇත. පුත්‍රයා පියාගේ අයුතුකම නොදරන්නේය, පියාද පුත්‍රයාගේ අයුතුකම නොදරන්නේය; ධර්මිෂ්ඨයාගේ ධර්මිෂ්ඨකම ඔහු පිටටත් දුෂ්ටයාගේ දුෂ්ටකම ඔහු පිටටත් පැමිණෙන්නේය.


මා ජීවමාන බව සැබෑවා සේම, දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත්වෙනවාට මිස, දුෂ්ටයා නසිනවාට මම ප්‍රසන්න නොවෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. ඉශ්‍රායෙල් වංශය හැරෙන්න, නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරෙන්න; නුඹලා නසින්නේ මක්නිසාදැයි ඔවුන්ට කියන්න.


පාවුල් භය නොවන්න; නුඹ කායිසර් ඉදිරියෙහි සිටින්ට ඕනෑය. බලව, නුඹ සමඟ නැවෙන් යන්නාවූ සියල්ලන්ද දෙවියන්වහන්සේ නුඹට දුන්සේකැයි කීවේය.


ඇදහිල්ලෙන්, නෝවා ඒ වන තුරු නුදුටු දේ ගැන දෙවියන්වහන්සේ විසින් දන්වනු ලැබ, දේවභයින් පෙලඹී, තමාගේ පවුල ගැළවීමට නැවක් සෑදුවේය; එයින් ඔහු ලෝකයා වරදට පත්කොට, ඇදහිල්ලෙන් පැමිණෙන ධර්මිෂ්ඨකමට උරුමක්කාරයෙක් වූයේය.


එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී, සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤාකරන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පුකරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ටවෙයි.