Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 14:16 - Sinhala New Revised Version

16 ඒ මනුෂ්‍යයන් තිදෙනා එහි සිටියත්, මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි. ඔවුන්ට සිය දරුදැරියන් වත් ගළවාගත නොහැකි වන්නේ ය. ඔවුන්ට ගළවාගත හැකි වන්නේ ඔවුන්ගේ ම ජීවිත පමණකි. දේශය ද පාළුවක් වනු ඇත. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ඒ මනුෂ්‍යයන් තිදෙනා එහි සිටියත්, මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි. ඔවුන්ට සිය දරුදැරියන් වත් ගළවාගත නොහැකි වන්නේ ය. ඔවුන්ට ගළවාගත හැකි වන්නේ ඔවුන්ගේ ම ජීවිත පමණකි. දේශය ද පාළුවක් වනු ඇත. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 ඒ මනුෂ්‍යයන් තුන්දෙනා එහි සිටියත්, මා ජීවමාන බව සැබෑවා සේම, ඔවුන් පුත්‍රයන්වත් දූවරුන්වත් ගළවාගන්නේ නැතුව ඔවුන් පමණක්ම ගැළවෙනවා ඇත, දේශයද පාළුවක් වෙනවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 14:16
13 හුවමාරු යොමු  

එහෙත්, දෙවියන් වහන්සේ මිටියාවතේ නගර විනාශ කරන විට උන් වහන්සේ ආබ්‍රහම් සිහි කළ සේක. ලොත් විසූ නගර වනසන විට ඒ විපතින් උන් වහන්සේ ලොත් ගළවා හැරිය සේක.


එබැවින් ඔබ එකිනෙකාට පාපෝච්චාරණය කර, සුවය ලබන පිණිස, එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න. දැහැමි මිනිසෙකු යදින යැදුම බලවත් ය; පලදායක ය;


ඇදහිල්ලෙන්, නෝවා දැකගත නොහැකි දේ ගැන දෙවියන් වහන්සේ විසින් දන්වනු ලැබ, දේව ගරුබියෙන් ඇලළී සිය පවුලේ අය ගළවාගැනීම සඳහා නැවක් සෑදුවේ ය. ඒ ඇදහිල්ලෙන් ඔහු ලෝකයා වරදට පත්කොට, ඇදහිල්ලෙන් පැමිණෙන දමිටු බවට උරුමක්කාරයෙක් විය.


‘පාවුලු බිය නොවන්න; ඔබ අධිරාජයා ඉදිරියෙහි සිටින්නට ම ඕනෑ ය. මෙන්න, ඔබ සමඟ නැවෙන් යන සියල්ලන්ගේ ද ආරක්ෂාව දෙවියන් වහන්සේ ඔබට දුන් සේකැ’යි කී ය.


මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි: ‘දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත්වනවාට මිස, ඔහු නසිනවාට මම ප්‍රසන්න නොවෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. ඉශ්රායෙල් ජනයෙනි, හැරෙන්න, නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරෙන්න; නුඹලා නසින්නේ කුමට දැ’යි ඔවුන්ට කියන්න.


පව් කරන පුද්ගලයා ම නසිනු ඇත. පුත්‍රයා පියාගේ අදමිටුකමට වගකිවයුත්තෙක් නොවේ; පියා ද පුත්‍රයාගේ අයුතුකමට වගකිවයුත්තෙක් නොවේ. ධර්මිෂ්ඨයා සිය ධර්මිෂ්ඨකමේ පල විපාකත්, දුෂ්ටයා සිය දුෂ්ටකමේ ප්‍රතිවිපාකත් විඳින්නේ ය.


නෝවා ද දානියෙල් ද ජෝබ් ද එහි සිටියත්, මාගේ ජීවමාන නාමයෙන් දිවුරා කියමි, ඔවුන්ට සිය දරුදැරියන් වත් ගළවාගත නොහැකි වන්නේ ය; ඔවුන් තමන්ගේ ධර්මිෂ්ඨකමින් සිය ප්‍රාණය පමණක් ගළවාගනු ඇත. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.


ඒ මනුෂ්‍යයන් තුන්දෙනා එහි සිටියත් මගේ ජීවමාන නාමයෙන් දිවුරා කියමි. ඔවුන්ට සිය දරුදැරියන් වත් ගළවාගත නොහැකි වන්නේ ය; ඔවුන්ට ගළවාගත හැකි වන්නේ ඔවුන්ගේ ම ජීවිත පමණකැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.


එකල්හි නෝවා ද දානියෙල් ද ජෝබ් ද යන මේ මනුෂ්‍යයන් තිදෙනා එහි සිටියත්, ඔවුන්ට තමන්ගේ ධර්මිෂ්ඨකමින් ගළවාගත හැකි වන්නේ ඔවුන්ගේ ම ප්‍රාණ පමණකි.


‘අපට විරුද්ධ ව නැඟී ආ අය සැබැවින් ම සිඳිනු ලැබූ හ. ඔවුන්ගේ ඉතිරි වස්තුව ගින්නෙන් දැවී ගියේ ය.’


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්