නුමුත් ඔව්හු ඇහුම්කන් නොදී, තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි නොඇදහු ඔවුන්ගේ පියවරුන්ගේ කුළල් මෙන් තමුන්ගේ කුළල් තදකරගෙන,
එසකියෙල් 12:2 - Sinhala Revised Old Version මනුෂ්‍ය පුත්‍රය, නුඹ වාසයකරන්නේ කැරළිකාර වංශයක් අතරෙහිය, දැකීමට ඔවුන්ට ඇස් තිබෙන නුමුත් ඔවුන්ට පෙනෙන්නේ නැත. ඇසීමට ඔවුන්ට කන් තිබෙන නුමුත් ඔවුන්ට ඇසෙන්නේ නැත; මක්නිසාද ඔව්හු කැරළිකාර වංශයක්ය. Sinhala New Revised Version “මනුෂ්‍ය පුත්‍රය, නුඹ වාසය කරන්නේ කැරලිකාර වංශයක් අතරෙහි ය. දැකීමට ඇස් තිබෙන නමුත්, ඔවුන්ට පෙනෙන්නේ නැත. ඇසීමට කන් තිබෙන නමුත්, ඇසෙන්නේ නැත. මක්නිසා ද ඔව්හු කැරලිකාර වංශයක් ය. Sinhala New Revised Version 2018 “මනුෂ්‍ය පුත්‍රය, නුඹ වාසය කරන්නේ කැරලිකාර වංශයක් අතරෙහි ය. දැකීමට ඇස් තිබෙන නමුත්, ඔවුන්ට පෙනෙන්නේ නැත. ඇසීමට කන් තිබෙන නමුත්, ඇසෙන්නේ නැත. මක්නිසා ද ඔව්හු කැරලිකාර වංශයක් ය. |
නුමුත් ඔව්හු ඇහුම්කන් නොදී, තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි නොඇදහු ඔවුන්ගේ පියවරුන්ගේ කුළල් මෙන් තමුන්ගේ කුළල් තදකරගෙන,
උන්වහන්සේගේ පනත්ද ඔවුන්ගේ පියවරුන් සමඟ කළාවූ උන්වහන්සේගේ ගිවිසුමද ඔවුන්ට උන්වහන්සේ දුන්නාවූ උන්වහන්සේගේ අවවාදවල්ද ඔවුන් එපාකර, නිස්සාරකම අනුව ගොස්, නිස්සාරකම් කරමින්, ඔවුන් වටකර සිටි ජාතීන් මෙන් නොකරන හැටියට ස්වාමීන්වහන්සේ ඔවුන්ට අණ කළ නුමුත්, ඒ ජාතීන් අනුව ගියෝය.
කී වරක් ඔව්හු වනයෙහිදී උන්වහන්සේට විරුද්ධව කැරළිගැසුවෝද, කාන්තාරයේදී උන්වහන්සේට දුක් දුන්නෝද!
නුඹේ අධිපතීහු කැරළිකාරයෝය, සොරුන්ගේ සමාගම්කාරයෝය, සෑමදෙනම අල්ලසට ඇලුම් වෙති, තෑගි පස්සේ දුවති. මවුපියන් නැත්තන්ට ඔව්හු යුක්තිය නොකෙරෙති, වැන්දඹුවගේ නඩුව ඔවුන් වෙතට පැමිණෙන්නේ නැත.
පාපයට පාපය එකතුකරන ලෙස මාගෙන් නොව අන්‍යයන්ගෙන් මන්ත්‍රණය සොයන්නාවූද, මාගේ ආත්මය නැතුව ගිවිසුමක් කරගන්නාවූද,
මක්නිසාද ඔව්හු කැරළිකාර සෙනඟක්ය, බොරුකාර දරුවෝය, ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව අසන්ට කැමති නැති දරුවෝය.
ඔව්හු නොදනිති, ඔව්හු කල්පනා නොකෙරෙති. මක්නිසාද නොපෙනෙන හැටියට ඔවුන්ගේ ඇස්ද තේරුම් නොගන්න හැටියට ඔවුන්ගේ සිත්ද වසා තිබේ.
එවිට මම කථාකොට: අහෝ! මට දුක්වේ! මක්නිසාද මට විනාශය විය; කුමක් හෙයින්ද අපවිත්‍ර තොල් ඇති මනුෂ්‍යයෙක්ව සිටින්නාවූ, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ වසන්නාවූ මම සේනාවල ස්වාමිවූ රජ්ජුරුවන්වහන්සේ මාගේ ඇස්වලින් දුටුවෙමියි කීමි.
කැරළිකාරවූ, තමුන්ගේ යෝජනා අනුව හොඳ නැති මාර්ගයක යන්නාවූ සෙනඟක් දෙසට දවස මුළුල්ලේම මාගේ අත් විදහාගන සිටියෙමි.
යෙරුසලම මට විරුද්ධව කැරළිගැසූ බැවින් කෙතක රැකවලුන් මෙන් ඔව්හු ඈ වටකරගෙන සිටිතියි ස්වාමීන්වහන්සේ කියනසේක.
මෝඩවූ තේරුම් නැත්තාවූ, ඇස් තිබෙන නුමුත් නොදකින්නාවූ, කන් තිබෙන නුමුත් නෑසෙන්නාවූ ජනයෙනි, මේක අසන්න:
එහෙත් ඔව්හු මාගේ බස් අසන්නේවත් තමුන්ගේ කන් යොමුකරන්නේවත් නැතුව, තමුන්ගේ කුළල් තදකරගෙන, තමුන්ගේ පියවරුන්ට වඩා නපුරුකම් කළෝය.
මක්නිසාද මම ස්වාමීන්වහන්සේය; මම කියන දේ කියන්නෙමි, එය තවත් පමා නොවී ඉෂ්ටවන්නේය. එසේය, එම්බා කැරළිකාර වංශය, මම නුඹලාගේ දවස්වලදීම වචනයක් කියා ඒක ඉෂ්ටකරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
මේ කාරණා මොනවාද කියා නුඹලා දන්නේ නැද්දැයි කැරළිකාර වංශයට කියන්න. තවත් මෙසේ කියන්න: බබිලෝනියේ රජ යෙරුසලමට ඇවිත් එහි රජු සහ එහි අධිපතීන්ද රැගෙන තමා සමඟ බබිලෝනියට ගෙනගියේය.
උන්වහන්සේද: මනුෂ්‍ය පුත්‍රය, මට විරුද්ධව කැරළිගැසුවාවූ කැරළිකාර ජාතීන් වන ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතට නුඹ යවමි. ඔව්හුද ඔවුන්ගේ පියවරුද අද දවස දක්වාම මට විරුද්ධව ද්‍රෝහිකම්කළෝය.
කැරළිකාර වංශයට උපමාවක් කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න–හැළිය ලිපේ තබන්න; ඒක තබා වතුරත් එහි වත්කරන්න.
නුඹේ නළල ගිනිගලට වඩා තදවූ විදුරක් මෙන් කෙළෙමි. ඔවුන් කැරළිකාර වංශයක් නුමුත් ඔවුන්ට භය නොවන්න, ඔවුන්ගේ රවාබැල්මට නොකැලඹෙන්නැයි මට කීසේක.
කැරළිකාර ඉශ්‍රායෙල් වංශයට ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න: එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලාගේ සියලු පිළිකුල්කම් නුඹලාට ඉතින් ඇත.
මක්නිසාදයත්: යම් හෙයකින් ඔවුන් හැරී කමාව නොලබන ලෙස දැක දැකත් නොදක්නා පිණිසය, අස අසාත් තේරුම් නොගන්නා පිණිසයයි කීසේක.
උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රහස් දැනගැනීම නුඹලාට දී තිබේ. නුමුත් දකිමින්ම නොදක්නා පිණිසත් අසමින්ම තේරුම් නොගන්නා පිණිසත් සෙස්සන්ට උපමාවලින් කියනු ලැබේ.
ඔවුන් තමුන්ගේ ඇස්වලින් නොදකින පිණිසත් හිතෙන් තේරුම් නොගන්නා පිණිසත් හරවනු නොලබන පිණිසත් මා විසින් සුවකරනු නොලබන පිණිසත් උන්වහන්සේ ඔවුන්ගේ ඇස් අන්ධකළසේක, ඔවුන්ගේ හිත් දැඩිකළසේකැයි කීය.
ඔවුන්ගේ සිත් දැඩිවුණේය. එසේය, අද දක්වාම පරණ ගිවිසුම කියවන කල එම වැස්ම පවතින්නේය. ඒ වැස්ම ක්‍රිස්තුස්වහන්සේ තුළ නැතිකරනලද්දේය.
ඔව්හු තමුන්ගේ තේරුම්ගැනීමෙන් අඳුරුව, තමුන් තුළ ඇත්තාවූ අඥානකම නිසාද තමුන්ගේ සිත් දැඩිවීම නිසාද දෙවියන්වහන්සේ කෙරෙන්වූ ජීවනයට විදේශීව සිටිති.
එසේ නුමුත් දැනගැනීමට සිතක්ද දැකීමට ඇස්ද ඇසීමට කන්ද අද දවස දක්වා ස්වාමීන්වහන්සේ නුඹලාට නුදුන්සේක.
මක්නිසාද මම නුඹේ කැරළිකාරකමද නුඹේ කුළලේ තදකමද දනිමි. නුඹලා සමඟ දැන් මා ජීවත්ව සිටියදීම නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාරව සිටියහුය; මාගේ මරණයෙන් පසු කොපමණ වැඩියෙන් එසේ නොකරන්නහුද?
නුඹ කාන්තාරයේදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදහස් කළ හැටි සිහිකරන්න, මතක නැති නොකරන්න. නුඹ මිසර දේශයෙන් පිටත්වුණ දා පටන් මේ ස්ථානයට පැමිණෙන තෙක් නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාරව සිටියහුය.