Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 12:3 - Sinhala Revised Old Version

3 ඒ නිසා, මනුෂ්‍ය පුත්‍රය, නුඹ මාර්ගෝපකරණ සූදානම්කරගෙන, දවාලෙහි ඔවුන් බලාසිටියදී පිටත්වෙන්න; ඔවුන් බලාසිටියදී නුඹේ ඉඩමේ සිට වෙන ඉඩමකට පිටත්ව යන්න. ඔවුන් කැරළිකාර වංශයක් නුමුත් සමහරවිට ඔවුන් ඒක සිතට ගන්නවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 “ඒ නිසා, මනුෂ්‍ය පුත්‍රය, විප්‍රවාසයට යන්නෙකු මෙන් මාර්ගෝපකරණ සූදානම් කරගෙන, දවාලෙහි ඔවුන් බලා සිටිය දී පිටත් වන්න; ඔවුන් බලා සිටිය දී නුඹ සිටින ස්ථානයේ සිට අන් ස්ථානයකට පිටත් ව යන්න. ඔවුන් කැරලිකාර වංශයක් වන නමුත්, සමහර විට ඔවුන් එහි තේරුම සිතට ගනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 “ඒ නිසා, මනුෂ්‍ය පුත්‍රය, විප්‍රවාසයට යන්නෙකු මෙන් මාර්ගෝපකරණ සූදානම් කරගෙන, දවාලෙහි ඔවුන් බලා සිටිය දී පිටත් වන්න; ඔවුන් බලා සිටිය දී නුඹ සිටින ස්ථානයේ සිට අන් ස්ථානයකට පිටත් ව යන්න. ඔවුන් කැරලිකාර වංශයක් වන නමුත්, සමහර විට ඔවුන් එහි තේරුම සිතට ගනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 12:3
24 හුවමාරු යොමු  

මා විසින් යූදා වංශයට කරන්ට අදහස්කරන මුළු විපත්තිය ගැන සමහරවිට ඔවුන් අසා, මා විසින් ඔවුන්ගේ අයුතුකමත් පාපයත් කමා කරන පිණිස එක එකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනවා ඇතැයි කීය.


විරුද්ධව සිටින්නන් විසින් සැබෑව දැනගන්නා පිණිසද, යක්ෂයා තමාගේ කැමැත්ත කිරීමට අසුකරගත් ඔවුන් මත්කමෙන් පිබිද,


සමහරවිට ඔවුන් අසා, එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනවා ඇත; එවිට මම ඔවුන්ගේ ක්‍රියාවල නපුරුකම නිසා ඔවුන්ට පමුණුවන්ට සිතන විපත්තිය ගැන පසුතැවිලි වන්නෙමි.


එවිට මිදිවත්තේ ස්වාමියා කථාකොට: මම මක්කරම්ද? මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා යවමි. සමහරවිට ඔවුන් ඔහුට ගෞරවකරනවා ඇතැයි කීවේය.


සමහරවිට ඔවුන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කන්නලව් ඇතුව වැටී, එක එකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනවා ඇත. මක්නිසාද ස්වාමීන්වහන්සේ මේ සෙනඟට විරුද්ධව කියා තිබෙන උදහස සහ කෝපය මහත්යයි කීවේය.


අනේ! අනාගතවක්තෘවරුන් මරන්නාවූ, නුඹ ලඟට එවූවන්ට ගල් ගසන්නාවූ යෙරුසලම, යෙරුසලම, කිකිළී ඇගේ පැටවුන් පියාපත් යටට එකතුකරගන්නාක්මෙන් නුඹේ දරුවන් එකතුකරගන්ට මම කී වරක් කැමතිවීම්ද! නුමුත් නුඹලා කැමතිවුණේ නැත.


මා ජීවමාන බව සැබෑවා සේම, දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත්වෙනවාට මිස, දුෂ්ටයා නසිනවාට මම ප්‍රසන්න නොවෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. ඉශ්‍රායෙල් වංශය හැරෙන්න, නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරෙන්න; නුඹලා නසින්නේ මක්නිසාදැයි ඔවුන්ට කියන්න.


ස්වාමීන්වහන්සේ මට මෙසේ කියනසේක: නුඹ වියබාන් සහ වියගස් සාදාගෙන නුඹේ බෙල්ලේ තබාගන්න;


අහෝ මාගේ සෙනඟ මට කන් දුන්නොත් ඉශ්‍රායෙල් මාගේ මාර්ගවල හැසුරුණොත්, යහපත!


අහෝ, ඔවුන් ඥානවන්තව, මේක තේරුම්ගෙන, තමුන්ගේ මතු කාලය ගැන මෙනෙහි කළොත් යහපත!


අහෝ ඔවුන්ටද ඔවුන් සමඟ ඔවුන්ගේ දරුවන්ටද සදාකාලේටම ශුභ සිද්ධවන පිණිස නිතරම මට භයවීමටත් මාගේ සියලු ආඥා රක්ෂාකිරීමටත් මෙයාකාර සිතක් තිබුණොත් යහපත!


බලකොටුවෙහි වාසයකරන්නිය, නුඹේ බඩු දේශයෙන් එක්කරගන්න.


එහෙත් මා නුඹ සමඟ කථාකරන කල නුඹේ මුඛය අරින්නෙමි, නුඹද: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න. අසන තැනැත්තේ අසාවා; නාසන තැනැත්තේ නාසා සිටීවා. මක්නිසාද ඔව්හු කැරළිකාර වංශයක්යයි කීසේක.


මමද මට අණකළ ලෙසම කෙළෙමි. මාගේ බඩු මාර්ගෝපකරණ මෙන් දවාලේ පිටතටගෙන, සවස මාගේ අතින් භිත්තිය හාරා, අඳුරුවූ කල්හි ඔවුන් බලාසිටියදී ඒවා කරට ගෙන පිටතට ගෙනාවෙමි.


ඔව්හු තමුන් කළ සියල්ල ගැන ලජ්ජාවී සිටිත් නම්, ගෘහයේ ආකාරයද එහි පිළිවෙළද ඇතුළට පිටතට යන එන තැන්ද එහි මුළු ආකාරයද එහි සියලුම නියෝගද එහි මුළු ආකාරයද එහි මුළු ව්‍යවස්ථාවද ඔවුන්ට දන්වා, ඔවුන් එහි මුළු ආකාරයද එහි සියලුම නියෝගද පවත්වා ඒවා කරන පිණිස ඔවුන් ඉදිරියේදී ඒවා ලියන්න.


එහෙත් ඔව්හු මාගේ බස් අසන්නේවත් තමුන්ගේ කන් යොමුකරන්නේවත් නැතුව, තමුන්ගේ කුළල් තදකරගෙන, තමුන්ගේ පියවරුන්ට වඩා නපුරුකම් කළෝය.


මම නුඹේ දිව නුඹේ උඩුතල්ලේ ඇලෙන්ට සලස්වන්නෙමි, එවිට නුඹ ගොළුවී, ඔවුන්ට තරවටුකරන මනුෂ්‍යයෙක් නොවී සිටිනවා ඇත. මක්නිසාද ඔව්හු කැරළිකාර වංශයක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්