ඒබෙර්ගේ සියලු පුත්‍රයන්ගේ පියාද යඵෙත්ගේ වැඩිමහල් සහෝදරයාද වූ ෂෙම්ටත් පුත්‍රයෝ උපන්නෝය.
උත්පත්ති 7:13 - Sinhala Revised Old Version එම දවසෙහිම නෝවාද නෝවාගේ පුත්‍රයන්වූ ෂෙම්, හාම් සහ යඵෙත්ද නෝවාගේ භාර්යාවද ඔහුගේ පුත්‍රයන් සමඟ ඔවුන්ගේ භාර්යාවන් තුන්දෙනාද නැවට ඇතුල්වූවෝය; Sinhala New Revised Version ඒ දවසෙහි ම නෝවා ද ඔහුගේ භාර්යාව ද ෂෙම්, හාම් හා ජපෙත් යන පුත්තු තිදෙනා ද ඔවුන්ගේ භාර්යාවෝ ද නැවට ඇතුළු වූ හ. Sinhala New Revised Version 2018 ඒ දවසෙහි ම නෝවා ද ඔහුගේ භාර්යාව ද ෂෙම්, හාම් හා ජපෙත් යන පුත්තු තිදෙනා ද ඔවුන්ගේ භාර්යාවෝ ද නැවට ඇතුළු වූ හ. |
ඒබෙර්ගේ සියලු පුත්‍රයන්ගේ පියාද යඵෙත්ගේ වැඩිමහල් සහෝදරයාද වූ ෂෙම්ටත් පුත්‍රයෝ උපන්නෝය.
එහෙත් නුඹ සමඟ මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි; නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද නුඹේ භාර්යාවද නුඹේ පුත්‍රයන්ගේ භාර්යාවෝද නැවට ඇතුල්වන්නෝය.
ස්වාමීන්වහන්සේ නෝවාහට කථාකොට: නුඹද නුඹේ මුළු පවුලද නැවට ඇතුල්වෙන්න; මක්නිසාද නුඹ මේ පරම්පරාවෙහි මා ඉදිරියේ ධර්මිෂ්ඨව සිටින බව දුටුවෙමි.
ඔව්හුද එක එක වර්ගයේ සියලු මෘගයෝද එක එක වර්ගයේ සියලු සිව්පාවෝද එක එක වර්ගයේ පොළොවෙහි බඩගා යන සියල්ලෝද එක එක වර්ගයේ සියලු පක්ෂීහුද සියලු වර්ගවල සියලු කුරුල්ලෝද ඇතුල්වූවෝය.
ඇදහිල්ලෙන්, නෝවා ඒ වන තුරු නුදුටු දේ ගැන දෙවියන්වහන්සේ විසින් දන්වනු ලැබ, දේවභයින් පෙලඹී, තමාගේ පවුල ගැළවීමට නැවක් සෑදුවේය; එයින් ඔහු ලෝකයා වරදට පත්කොට, ඇදහිල්ලෙන් පැමිණෙන ධර්මිෂ්ඨකමට උරුමක්කාරයෙක් වූයේය.
ඒ ආත්ම නෝවාගේ දවස්වලදී, නැව සාදන අතර, දෙවියන්වහන්සේ ඉවසිල්ලෙන් බලා සිටි කාලයෙහි අකීකරුව සිටියෝය. ඒ නැවට ස්වල්ප දෙනෙක් එනම් අටදෙනෙක් [ඇතුල්වී] වතුර කරණකොටගෙන ගැළවුණෝය.
උන්වහන්සේ අභක්තීන්ගේ ලෝකය පිට ජලගැලීමක් පැමිණෙවු කල පුරාණ ලෝකය ඉතිරි නොකොට ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක්වූ නෝවා තවත් සත්දෙනෙකුත් සමඟ ආරක්ෂාකළසේක් නම්,
ඉතින් ඔවුන්ගේ පියවරුන් හෝ සහෝදරයන් හෝ අප ඉදිරියෙහි පැමිණිලිකරන්ට ආවාම අපි ඔවුන්ට කථාකොට: කරුණාවෙන් ඔවුන් අපට දුනමැනවි; මක්නිසාද අපි යුද්ධයේදී එක එකාට භාර්යාවක් ඉතුරු නොකෙළෙමුව, නුඹලාත් ඔවුන් ඔවුන්ට දුන්නේ නැත; දුන්නා නම් නුඹලා වරදකාරයෝ වන්නහුයයි කියන්නෙමුයයි ඔවුන්ට කීවෝය.