Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 7:13 - Sinhala New Revised Version

13 ඒ දවසෙහි ම නෝවා ද ඔහුගේ භාර්යාව ද ෂෙම්, හාම් හා ජපෙත් යන පුත්තු තිදෙනා ද ඔවුන්ගේ භාර්යාවෝ ද නැවට ඇතුළු වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඒ දවසෙහි ම නෝවා ද ඔහුගේ භාර්යාව ද ෂෙම්, හාම් හා ජපෙත් යන පුත්තු තිදෙනා ද ඔවුන්ගේ භාර්යාවෝ ද නැවට ඇතුළු වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 එම දවසෙහිම නෝවාද නෝවාගේ පුත්‍රයන්වූ ෂෙම්, හාම් සහ යඵෙත්ද නෝවාගේ භාර්යාවද ඔහුගේ පුත්‍රයන් සමඟ ඔවුන්ගේ භාර්යාවන් තුන්දෙනාද නැවට ඇතුල්වූවෝය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 7:13
16 හුවමාරු යොමු  

එබෙර්ගේ සියලු පුත්‍රයන්ගේ මීමුතු පියා ද, ජපෙත්ගේ වැඩිමහල් සහෝදරයා ද වූ ෂෙම්ටත් පුත්‍රයෝ උපන්නෝ ය.


හාම්ගේ පුත්‍රයෝ නම්: කුෂ්, මිශ්‍රයිම්, පූට් සහ කානාන් ය.


නෝවාගේ වයස අවුරුදු පන්සියයක් (500) වූ විට ඔහුට දාව ෂෙම්, හාම් සහ ජපෙත් යන පුත්තු තිදෙන උපන්හ.


තවද, ඔහුට ෂෙම්, හාම්, ජපෙත් කියා පුත්තු තිදෙනෙක් උපන්හ.


එහෙත්, නුඹ සමඟ මම මගේ ගිවිසුම පිහිටුවන්නෙමි. නුඹ ද නුඹ සමඟ නුඹේ පුතුන් ද නුඹේ භාර්යාව ද නුඹේ පුතුන්ගේ භාර්යාවන් ද නැවට ඇතුළු විය යුතු ය.


සමිඳාණන් වහන්සේ නෝවාට කතා කොට, “නුඹ ද, නුඹේ මුළු පවුල ද නැවට ඇතුළු වෙන්න; මන්ද, මිනිසුන් අතර නුඹ පමණක් මා ඉදිරියෙහි දැහැමි බව මම දුටුවෙමි.


ඔවුන් සමඟ සෑම වර්ගයේ වන මෘගයෝ ද ගවමහිෂයෝ ද උරගයෝ ද පක්ෂීහු ද පියාපත් සහිත සත්තු ද නැවට ඇතුළු වූ හ.


දෙ වන මස විසිසත් වන දින පොළොව සම්පූර්ණයෙන් ම වියළී තිබිණි.


ඇදහිල්ලෙන්, නෝවා දැකගත නොහැකි දේ ගැන දෙවියන් වහන්සේ විසින් දන්වනු ලැබ, දේව ගරුබියෙන් ඇලළී සිය පවුලේ අය ගළවාගැනීම සඳහා නැවක් සෑදුවේ ය. ඒ ඇදහිල්ලෙන් ඔහු ලෝකයා වරදට පත්කොට, ඇදහිල්ලෙන් පැමිණෙන දමිටු බවට උරුමක්කාරයෙක් විය.


ඔව්හු වනාහි නෝවාගේ කාලයේ දී ඔහු නැව සාදන අතර, දෙවියන් වහන්සේ ඉවසිල්ලෙන් සිටිය දී උන් වහන්සේට අකීකරු වූ ආත්මයන් වෙති. ඒ නැවට ඇතුළු වූ, ස්වල්ප දෙනෙක්, එනම්, අට දෙනෙක් වතුරෙන් ගළවනු ලැබුවෝ ය.


උන් වහන්සේ පුරාණ ලෝකයට අනුකම්පා නොකොට අභක්තිකයන්ගෙන් පිරුණු ලෝකය පිට ජලගැල්මක් පැමිණවූ නමුත්, ධර්මිෂ්ඨකම දේශනා කළ නෝවා සහ තවත් සත් දෙනෙකු පමණක් ආරක්ෂා කළ සේක.


ඉතින් ඔවුන්ගේ පියවරුන් හෝ සහෝදරයන් හෝ අප ඉදිරියෙහි පැමිණිලි කරන්නට පැමිණි විට, අපි ඔවුන්ට කතා කොට, ‘කරුණාවෙන් ඔවුන් අපට දුන මැනව. මන්ද, අපි යුද්ධයේ දී එක එකාට භාර්යාවක ඉතිරි නොකෙළෙමු. ඔබවත් ඔවුන්ට භාර්යාවන් දුන්නේ නැත. ඔබ දුන්නහු නම් වරදකරුවෝ වන්නහු ය’යි කියන්නෙමු.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්