Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 8:14 - Sinhala Revised Old Version

14 දෙවෙනි මස විසිසත් වෙනි දින පොළොව වියළී තිබුණාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 දෙ වන මස විසිසත් වන දින පොළොව සම්පූර්ණයෙන් ම වියළී තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 දෙ වන මස විසිසත් වන දින පොළොව සම්පූර්ණයෙන් ම වියළී තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 8:14
6 හුවමාරු යොමු  

නෝවාගේ ජීවිතයේ හයසියවෙනි අවුරුද්දේ දෙවෙනි මස දස සත්වෙනි දිනයෙහිම මහත් ගැඹුරේ සියලු උල්පත් බිඳී ගියේය, ආකාශයේ කවුළුද ඇරුණේය.


තවද හසිය එක්වෙනි අවුරුද්දේ පළමුවෙනි මස පළමුවෙනි දින ජලය පොළොව මතුපිටින් සිඳී ගොස් තිබුණේය. නෝවා නැවේ වැස්ම හැර බැලුවේය, බලව, භූමිතලය වියළී තිබුණාය.


එවිට දෙවියන්වහන්සේ නෝවාට කථාකොට:


යූදාහි රජවූ යෙහෝයාඛින් ගෙනයනු ලැබ තිස්හත්වෙනි අවුරුද්දේ දොළොස්වෙනි මාසයේ විසිහත්වෙනිදා, බබිලෝනියේ රජවූ එවිල්-මෙරොදක් තමා රජවුණ අවුරුද්දේදී යූදාහි යෙහෝයාඛින්ගේ හිස ඔසවා, හිරගෙයින් ඔහු නිදහස්කර,


තවද විසිහත්වෙනි අවුරුද්දේ පළමුවෙනි මාසයේ පළමුවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්