ඔහු ඇස් ඔසවා බැලීය, බලව, මනුෂ්‍යයන් තුන්දෙනෙක් ඔහු ඉදිරියෙහි සිටියෝය. ඔහු ඔවුන් දුටු විට ඔවුන් සම්මුඛවන පිණිස කූඩාරමේ දොරකඩ සිට දිවගොස් බිමට නැමී:
උත්පත්ති 48:12 - Sinhala Revised Old Version යෝසෙප් ඔවුන් ඔහුගේ දණහිස් අතරෙන් අහකට ගෙන තම මුහුණ බිමට නමා වැන්දේය. Sinhala New Revised Version පසුව ජෝසෙප් තම පුතුන් පියාගේ තුරුල්ලෙන් ඉවතට ගෙන, මුණින්තලා වී වැන්දේ ය. Sinhala New Revised Version 2018 පසුව ජෝසෙප් තම පුතුන් පියාගේ තුරුල්ලෙන් ඉවතට ගෙන, මුණින්තලා වී වැන්දේ ය. |
ඔහු ඇස් ඔසවා බැලීය, බලව, මනුෂ්‍යයන් තුන්දෙනෙක් ඔහු ඉදිරියෙහි සිටියෝය. ඔහු ඔවුන් දුටු විට ඔවුන් සම්මුඛවන පිණිස කූඩාරමේ දොරකඩ සිට දිවගොස් බිමට නැමී:
දේවදූතයන් දෙදෙනා සවස් වේලෙහි සොදොමට පැමුණුණෝය; ලොත් සොදොමේ දොරටුවේ හුන්නේය. ලොත් ඔවුන් දැක ඔවුන් සම්මුඛවන පිණිස නැගිට මුහුණින් බිමට නැමුණේය;
යෝසෙප් දේශයෙහි ආණ්ඩුකාරයාව සිටියේය; දේශයේ මුළු සෙනඟට වික්කේ ඔහුය. යෝසෙප්ගේ සහෝදරයෝ අවුත් මුහුණින් බිමට නැමී ඔහුට වැන්දෝය.
තවද ඉශ්‍රායෙල් යෝසෙප්ට කථාකොට: නුඹේ මුහුණ දකින්ට ලැබේයයි නොසිතුවෙමි. එහෙත් දෙවියන්වහන්සේ නුඹේ දරුවනුත් දකින්ට මට ඉඩ දුන්සේකැයි කීය.
යෝසෙප් ඒ දෙදෙනා රැගෙන එප්‍රායිම් ඉශ්‍රායෙල්ගේ වම් පැත්තට තමාගේ දකුණතින්ද මනස්සේ ඉශ්‍රායෙල්ගේ දකුණතට තමාගේ වමතෙන්ද අල්ලාගෙන ඔහු ළඟට පැමිණවිය.
එබැවින් බැත්-ෂෙබා අදොනියා උදෙසා සාලමොන් රජුට කථාකරන්ට ඔහු ළඟට ගියාය. රජ ඈ ඉදිරියෙහි නැගිට, ඈට වැඳ, තමාගේ සිංහාසනය පිට හිඳගත්තේය, රජුගේ මෑණියන්ටත් සිංහාසනයක් තබන්ට යෙදුණේය; ඈ ඔහුගේ දකුණෙන් හිඳගත්තාය.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝ වන පිණිස නුඹේ පියාටත් නුඹේ මවුටත් ගෞරවකරව.
නුඹලා එකිනෙකා තමතමාගේ මවුටද පියාටද භයවිය යුතුය, මාගේ සබත් රක්ෂාකළ යුතුය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
පැසුණු හිසකේ ඇත්තා ඉදිරියෙහි නැගිට සිටින්න, මහල්ලාගේ මුහුණට ගෞරවකරන්න. නුඹේ දෙවියන්වහන්සේට භයවෙන්න; මම ස්වාමීන්වහන්සේය.
දරුවෙනි, නුඹලාගේ දෙමවුපියන්ට ස්වාමීන්වහන්සේ තුළ කීකරුවෙන්න. මක්නිසාද එසේ කරන්ට යුතුය.