ලෙයා: මේ මාගේ වාසනාවය, මක්නිසාද මම වාසනාවන්තීයයි දූවරුන් කියනවා ඇතැයි කියා ඔහුට ආෂෙර් යන නාමය තැබුවාය.
උත්පත්ති 46:17 - Sinhala Revised Old Version ආෂෙර්ගේ පුත්‍රයෝ, ඉම්නා, ඉෂ්වා, ඉෂ්වී, බෙරියා සහ ඔවුන්ගේ සහෝදරීවූ සෙරාය. බෙරියාගේ පුත්‍රයෝ, හෙබෙර් සහ මල්ඛීයෙල්ය. Sinhala New Revised Version ආෂෙර්ගේ පුත්‍රයන් වන ඉමනා, ඉෂ්වා, ඉෂ්වී, බෙරියා හා ඔවුන්ගේ සහෝදරී වන සෙරා; බෙරියාගේ පුත්‍රයන් වන හෙබෙර් සහ මල්කියෙල් ය; Sinhala New Revised Version 2018 ආෂෙර්ගේ පුත්‍රයන් වන ඉමනා, ඉෂ්වා, ඉෂ්වී, බෙරියා හා ඔවුන්ගේ සහෝදරී වන සෙරා; බෙරියාගේ පුත්‍රයන් වන හෙබෙර් සහ මල්කියෙල් ය; |
ලෙයා: මේ මාගේ වාසනාවය, මක්නිසාද මම වාසනාවන්තීයයි දූවරුන් කියනවා ඇතැයි කියා ඔහුට ආෂෙර් යන නාමය තැබුවාය.
ලෙයාගේ දාසීවූ ශිල්පාගේ පුත්‍රයෝ ගාද් සහ ආෂෙර්ය. පදන්-අරාමේදී යාකොබ් නිසා උපන් පුත්‍රයෝ මොව්හුය.
ඔව්හු ලාබන් තමාගේ දියණියවූ ලෙයාට දුන් ශිල්පාගේ පුත්‍රයෝය, ඈ යාකොබ් නිසා ඔවුන් බිහිකළාය, ඔව්හු සොළොස් දෙනෙක්ය.
ඔහු ආෂෙර් ගැන කියනුයේ–ආෂෙර්ට දරුසම්පත ලැබේවා; ඔහු තමාගේ සහෝදරයන්ට ප්‍රීතියක්ව සිටීවා, තමාගේ පාදය තෙලෙහි ගල්වා ගනීවා.