Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 30:13 - Sinhala Revised Old Version

13 ලෙයා: මේ මාගේ වාසනාවය, මක්නිසාද මම වාසනාවන්තීයයි දූවරුන් කියනවා ඇතැයි කියා ඔහුට ආෂෙර් යන නාමය තැබුවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 එවිට ලෙයා, “මම කෙතරම් භාග්‍යවන්ත ද? ස්ත්‍රීහු මා ‘භාග්‍යවන්තී ය’යි පවසන්නෝ ය” කියා ඈ ඔහුට ආෂෙර් යන නාමය තැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 එවිට ලෙයා, “මම කෙතරම් භාග්‍යවන්ත ද? ස්ත්‍රීහු මා ‘භාග්‍යවන්තී ය’යි පවසන්නෝ ය” කියා ඈ ඔහුට ආෂෙර් යන නාමය තැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 30:13
8 හුවමාරු යොමු  

මක්නිසාද උන්වහන්සේ ස්වකීය දාසියගේ පහත්කම බැලූසේක. බලව, මෙතැන් පටන් සියලු පරම්පරාවෝ මට ආශීර්වාදලද්දීයයි කියන්නෝය.


මාගේ පරෙවිදෙන, මාගේ නිර්මල තැනැත්තිය, අසමාන තැනැත්තීය. ඈ ඇගේ මවුගේ එකම දරුවාය; ඈ වැදූ ඇත්තීගේ ප්‍රිය තැනැත්තීය. දූවරු ඈ දැක ඈ වාසනාවන්තීයයි කීවෝය; එසේය, බිසෝවරුද උපභාර්යාවෝද දැක ඇය වර්ණනාකළහ.


ඇගේ දරුවෝ නැගිට ඈට ආශීර්වාද කරති; ඇගේ පුරුෂයාත් ඈට ප්‍රශංසාකරමින්:


ආෂෙර් කෙරෙන් ඔහුගේ පෝෂ්‍ය ආහාර හටගන්නේය, ඔහු රාජකීය රසවත් භෝජන උපදවන්නේය.


ලෙයාගේ දාසීවූ ශිල්පාගේ පුත්‍රයෝ ගාද් සහ ආෂෙර්ය. පදන්-අරාමේදී යාකොබ් නිසා උපන් පුත්‍රයෝ මොව්හුය.


ආෂෙර්ගේ පුත්‍රයෝ, ඉම්නා, ඉෂ්වා, ඉෂ්වී, බෙරියා සහ ඔවුන්ගේ සහෝදරීවූ සෙරාය. බෙරියාගේ පුත්‍රයෝ, හෙබෙර් සහ මල්ඛීයෙල්ය.


ලෙයාගේ දාසීවූ ශිල්පා යාකොබ් නිසා දෙවෙනි පුත්‍රයෙකු බිහිකළාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්