Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 35:26 - Sinhala Revised Old Version

26 ලෙයාගේ දාසීවූ ශිල්පාගේ පුත්‍රයෝ ගාද් සහ ආෂෙර්ය. පදන්-අරාමේදී යාකොබ් නිසා උපන් පුත්‍රයෝ මොව්හුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 ලෙයාගේ සේවිකාව වන ශිල්පාගේ පුත්‍රයෝ නම් ගාද් සහ ආෂෙර් ය. මෙසොපොතේමියාවේ දී ජාකොබ්ට දාව උපන් ඔහුගේ පුත්‍රයෝ මොවුහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 ලෙයාගේ සේවිකාව වන ශිල්පාගේ පුත්‍රයෝ නම් ගාද් සහ ආෂෙර් ය. මෙසොපොතේමියාවේ දී ජාකොබ්ට දාව උපන් ඔහුගේ පුත්‍රයෝ මොවුහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 35:26
10 හුවමාරු යොමු  

ඈ මළාය, ඇගේ ප්‍රාණය යන කල්හි ඈ ඔහුට බෙන්-ඕනි යන නම තැබුවාය. එහෙත් ඔහුගේ පියා ඔහුට බෙන්යමින් යන නම තැබීය.


තමාගේ සියලු සිව්පාවන්ද පදන්-අරාමේදී තමා සම්බකරගත් සියලු සම්පත්ද තමා ලබාගත් සියලු සිව්පාවන්ද රැගෙන, කානාන් දේශයට තමාගේ පියවූ ඊසාක් වෙතට යන පිණිස ගියේය.


ඊසාක් පදන්-ආරාමේ සිරිය බෙතුයෙල්ගේ දූවූ සිරිය ලාබන්ගේ සහෝදරීවූ රෙබෙකා තම භාර්යාව කොට පාවාගත් කල්හි හතලිස් අවුරුදු වයස් විය.


නුඹ පිටත්වී පදන්-අරාමෙහි නුඹේ මවුගේ පියවූ බෙතුයෙල්ගේ ගෙදරට ගොස් එතැනින් නුඹේ මවුගේ සහෝදරවූ ලාබන්ගේ දූවරුන්ගෙන් භාර්යාවක් පාවාගන්න.


යාකොබ්ගේ පරම්පරාවල් මේය. දහහත් අවුරුදු වයස්වූ යෝසෙප් තමාගේ සහෝදරයන් සමඟ බැටළු රැළ පෝෂණය කරමින් සිටියේය; ඔහු වනාහි තම පියාගේ භාර්යාවන්වූ බිල්හාගේද ශිල්පාගේද පුත්‍රයන් සමඟ සිටි තරුණයෙකි. යෝසෙප් ඇවිත් ඔවුන්ගේ නපුරු ක්‍රියා ගැන ඔවුන්ගේ පියාට දැන්නුවේය.


ලාබන් තම දූවූ ලෙයාට තමාගේ දාසීවූ ශිල්පා දාසියක් කොට දුන්නේය.


මෝසෙස් ගාද් පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට දුන්නේය.


පස්වෙනි කොටස ආෂෙර් පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්