ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 45:19 - Sinhala Revised Old Version

දැනුදු නුඹට අණ ලැබුණු බැවින් මෙසේ කරන්නැයි ඔවුන්ට කියන්න–නුඹලා නුඹලාගේ දරුවන්ටද භාර්යාවන්ටද මිසර දේශයෙන් ගැල් රැගෙන ගොස්, නුඹලාගේ පියා කැඳවාගෙන එන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එනම්: ‘ඔබේ කුඩා දරුවන් හා භාර්යාවන් ද සඳහා මිසර දේශයේ රථවාහන රැගෙන ගොස් ඔබේ පියා කැඳවාගෙන එන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එනම්: ‘ඔබේ කුඩා දරුවන් හා භාර්යාවන් ද සඳහා මිසර දේශයේ රථවාහන රැගෙන ගොස් ඔබේ පියා කැඳවාගෙන එන්න.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 45:19
8 හුවමාරු යොමු  

නුඹලාගේ බඩු ගැන කරදරනොවන්න; මක්නිසාද මුළු මිසර දේශයේ ඉතා හොඳ දේ නුඹලාගේය කියන්නැයි කීයේය.


ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝ එලෙස කළෝය. ඵාරාවෝගේ අණ ලෙස යෝසෙප් ගැල්ද මගට කෑමද ඔවුන්ට දුන්නේය.


ඔව්හුද යෝසෙප් තමන්ට කී සියලු වචන ඔහුට කීවෝය. තමා ගෙනයන පිණිස යෝසෙප් එවූ ගැල් ඔවුන්ගේ පියවූ යාකොබ් දුටු කල ඔහුගේ සිත ප්‍රාණවත්විය.


පසුව යාකොබ් බෙයර්-ෂෙබාවෙන් පිටත්වුණේය. ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝ ඔහු ගෙනයන පිණිස ඵාරාවෝ එවූ ගැල්වලින් තමන්ගේ පියවූ යාකොබ්ද තමන් දරුවන්ද භාර්යාවන්ද ගෙන ගියෝය.


ද්වීපයෙනි, මාගේ බස් අසන්න; දුර සිටින සෙනඟෙනි, ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේ කුසේ පටන් මා කැඳවා, මාගේ මවු ගර්භයේ පටන් මාගේ නම සඳහන් කළසේක.


රජවරු නුඹ ඇතිකරන පියවරුද ඔවුන්ගේ බිසෝවරු නුඹේ කිරිමවුවරුද වන්නෝය. ඔව්හු මුහුණින් බිමට නැමී නුඹට වැඳ, නුඹේ පාදවල ධූලි ලෙවකන්නෝය; නුඹද ස්වාමීන්වහන්සේ වන මා කෙරෙහි බලාපොරොත්තු වන අය ලජ්ජාවට නොපැමිණෙන බව දැනගන්නෙහිය.


මොව්හු තමුන්ගේ පඬුර ස්වාමීන්වහන්සේ ඉදිරියට ගෙනැවිත් අධිපතීන් දෙදෙනෙකු විසින් ගැළක්ද එක්කෙනෙකු විසින් ගවයෙක්ද බැගින් අඹරාව ඇති ගැල් හයක් සහ ගවයන් දොළොස් දෙනෙකුත් මණ්ඩපය ඉදිරියෙහි ඔප්පුකළෝය.