Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 45:18 - Sinhala Revised Old Version

18 නුඹලාගේ පියාණන් සහ නුඹලාගේ පවුල්ද රැගෙන මා වෙතට එන්න. මම මිසර දේශයේ ඉතා හොඳ දේ නුඹලාට දෙන්නෙමි, නුඹලා දේශයේ සාරය භුක්තිවිඳින්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ඔබගේ පියා ද පවුල් ද රැගෙන මා වෙත පැමිණෙන්න; මිසරයේ නිපදවන ඉස්තරම් දේ මම ඔබට දෙමි; ඔබ ද රටේ ඉතා අගනා පලදාව වළඳන්නහු ය’යි දැන්විය යුතු ය. ඔබ ද ඔවුන්ට මෙසේ කරන්න කියා අණ කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ඔබගේ පියා ද පවුල් ද රැගෙන මා වෙත පැමිණෙන්න; මිසරයේ නිපදවන ඉස්තරම් දේ මම ඔබට දෙමි; ඔබ ද රටේ ඉතා අගනා පලදාව වළඳන්නහු ය’යි දැන්විය යුතු ය. ඔබ ද ඔවුන්ට මෙසේ කරන්න කියා අණ කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 45:18
11 හුවමාරු යොමු  

මිසර දේශය නුඹ ඉදිරියෙහි තිබේ; නුඹේ පියා සහ සහෝදරයන් දේශයේ ඉතාම හොඳ පළාතෙහි වාසය කරවන්න; ගෝෂෙන් දේශයෙහි ඔව්හු වාසය කෙරෙත්වා. ඔවුන් අතරේ දක්ෂ පුරුෂයන් දන්නෙහිනම් ඔවුන් මාගේ සිව්පාවුන් කෙරෙහි ප්‍රධානීන් කොට පත්කරන්නැයි කීය.


එබැවින් දෙවියන්වහන්සේ අහසේ පිනිද පොළොවේ සාරත්වයද බොහෝ ධාන්‍ය හා මිදියුසද නුඹට දෙන සේක්වා.


නුඹේ සීමා තුළ සමාදානය සිදුකරනසේක. ඉතා උතුම් ගෝධුමයෙන් නුඹ පුරවන සේක.


නුඹලාට ලැබෙන සියලු දීමනාවලින් ස්වාමීන්වහන්සේගේ සියලු එසවීමේ පූජා නුඹලා ඔප්පුකළයුතු වන්නේ සියලු උතුම් කොට්ඨාසවලින්ය, එනම් එයින් ශුද්ධවූ කොටසය.


තෙල්වලින් උතුම්වූ කොටසද මුද්‍රික යුසයෙන් හා ධාන්‍ය වලින් උතුම්වූ කොටසද වන ඔවුන් ස්වාමීන්වහන්සේට දෙන්නාවූ දේවල ප්‍රථම ඒවා මම නුඹට දුනිමි.


සාරවත් මිටියාවතේ මුදුන මත්තෙහි තිබෙන අලංකාර දීප්තිමත්කම වන පරවෙන මල නියඟ කලට පෙර පළමුවෙන් ඉදෙන අත්තික්කා ගෙඩියක්මෙන් වන්නේය; ඒක දකින අය එය දුටුවාම අතට ගත් කෙණෙහිම ගිලගන්නේය.


එප්‍රායිම් බේබද්දන්ගේ උදාරතර ඔටුන්නටත් මුද්‍රිකපානයට වසඟවෙන්නන්ගේ සාරවත් මිටියාවතේ මුදුන මත්තෙහි තිබෙන එහි අලංකාර දීප්තිමත්කම වන පරවෙන මලටත් දුක් වේ!


උන්වහන්සේ ඉතා හොඳ ගෝධුමයෙන් ඔවුන් පෝෂණය කරනසේක. පර්වතයෙන් ගත් මීපැණියෙන් මම නුඹ තෘප්තියට පමුණුවන්නෙමි.


දීකිරිවලින් සහ බැටළු කිරිවලින්ද බැටළුපැටවුන්ගෙත් බාෂාන්හි බැටළුවන්ගෙත් එළුවන්ගෙත් තෙලින්ද තිරිඟු ඇටවල තරකමින්ද ඔහු පෝෂණය කළසේක; මුද්‍රික ඵලවල ලේ වන පානයද නුඹ බීවෙහිය.


ඵාරාවෝ යෝසෙප්ට කථාකොට: නුඹලා මෙසේ කරන්නැයි නුඹේ සහෝදරයන්ට කියන්න–නුඹලාගේ මෘගයන් පිට බඩු පැටවිලිකරගෙන ගොස් කානාන් දේශයට පැමිණ,


නුඹලාට ගෝෂෙන් දේශයෙහි වාසය කරන්ට ලැබෙන පිණිස–ඔබගේ මෙහෙකරුවූ අපිද අපේ පියවරුද අපේ බාල වයසේ පටන් මේ වන තුරු සිව්පාවුන් ඇතිකරන්නෝයයි කියන්න; කුමක්හෙයින්ද සියලු එඬේරු මිසරවරුන්ට පිළිකුලකැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්