Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 45:27 - Sinhala Revised Old Version

27 ඔව්හුද යෝසෙප් තමන්ට කී සියලු වචන ඔහුට කීවෝය. තමා ගෙනයන පිණිස යෝසෙප් එවූ ගැල් ඔවුන්ගේ පියවූ යාකොබ් දුටු කල ඔහුගේ සිත ප්‍රාණවත්විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ඔව්හු ජෝසෙප් තමන්ට කී සියල්ල ම ජාකොබ්ට දැන්වූ හ. ඔහු ගෙන යාමට ජෝසෙප් එවූ රථවාහන ජාකොබ් දුටු විට ඔහු යළි ප්‍රාණවත් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 ඔව්හු ජෝසෙප් තමන්ට කී සියල්ල ම ජාකොබ්ට දැන්වූ හ. ඔහු ගෙන යාමට ජෝසෙප් එවූ රථවාහන ජාකොබ් දුටු විට ඔහු යළි ප්‍රාණවත් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 45:27
8 හුවමාරු යොමු  

මක්නිසාද උසස්වූ, උත්කෘෂ්ටවූ, සදාකාලයෙහි වසන්නාවූ ශුද්ධය යන නාමය ඇති තැනන්වහන්සේ මෙසේ කියනසේක. මම උසස්වූ ශුද්ධවූ ස්ථානයෙහිද යටහතුන්ගේ ආත්මය ප්‍රාණවත් කරන්ටත් පොඩිවී සිටින්නන්ගේ සිත ප්‍රාණවත්කරන්ටත් තැළුණාවූ යටහත් ආත්මයක් ඇත්තා සමඟ වාසයකරමි.


දැනුදු නුඹට අණ ලැබුණු බැවින් මෙසේ කරන්නැයි ඔවුන්ට කියන්න–නුඹලා නුඹලාගේ දරුවන්ටද භාර්යාවන්ටද මිසර දේශයෙන් ගැල් රැගෙන ගොස්, නුඹලාගේ පියා කැඳවාගෙන එන්න.


දෙදවසකට පසු උන්වහන්සේ අප ජීවත්කර, අප උන්වහන්සේ ඉදිරියෙහි ජීවත්වෙන පිණිස තුන්වෙනිදා අප නැගුටුවනවා ඇත.


ඔබගේ සෙනඟ ඔබ කෙරෙහි ප්‍රීතිමත් වන පිණිස අප නැවත ජීවත් නොකරනසේක්ද?


තවද ඔව්හු අත්තික්කා කැටියකින්, කැබෙල්ලක්ද මුද්‍රිකඵල පොකුරු දෙකක්ද ඔහුට දුන්නෝය; ඔහු කෑ පසු ප්‍රාණවත්විය. මක්නිසාද ඔහු දවල් තුනකුත් රෑ තුනකුත් කෑම කෑවේවත් වතුර බීවේත් නැත.


දෙවියන්වහන්සේද ලෙහියෙහි තිබෙන කුහර තැනක් විවරකළසේක, එයින් වතුර නික්මුණේය; ඔහු බිවූ කල ශක්තිය ලැබ ප්‍රාණවත් වුණේය. එබැවින් ඒ ස්ථානයට එන්-හක්කෝරේ යන නම තබනලදී, එය අද දවස දක්වා ලෙහියේ තිබේ.


ඉතින් ඇත; මාගේ පුත්‍රවූ යෝසෙප් තවම ජීවත්ව සිටියි. නහින්ට පළමුවෙන් ගොස් මම ඔහු දක්නෙමියි ඉශ්‍රායෙල් කීවේය.


දුර රටකින් ලැබෙන හොඳ ආරංචි පිපාසා ඇත්තෙකුට ඇල්වතුර මෙන්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්