නුඹලාට ගෝෂෙන් දේශයෙහි වාසය කරන්ට ලැබෙන පිණිස–ඔබගේ මෙහෙකරුවූ අපිද අපේ පියවරුද අපේ බාල වයසේ පටන් මේ වන තුරු සිව්පාවුන් ඇතිකරන්නෝයයි කියන්න; කුමක්හෙයින්ද සියලු එඬේරු මිසරවරුන්ට පිළිකුලකැයි කීවේය.
උත්පත්ති 45:10 - Sinhala Revised Old Version ඔබ ගෝෂෙන් දේශයෙහි වාසයකරමින් ඔබද ඔබගේ දරුවෝද ඔබගේ දරුවන්ගේ දරුවෝද ඔබගේ එළු බැටළු රැළවල්ද ඔබගේ ගව රැළවල්ද ඔබ සන්තක සියල්ලෝද මා ළඟ සිටින්නහුය. Sinhala New Revised Version ඔබ, ගෝෂෙන් නම් පළාතේ පදිංචි වී, එහි ඔබ ද ඔබේ දරුවන් ද දරුවන්ගේ දරුවන් ද ඔබේ එළු බැටළු පට්ටි හා ගව පට්ටි ද ඔබ සතු සියල්ලන් ද මට කිට්ටුවෙන් සිටිය යුතු ය. Sinhala New Revised Version 2018 ඔබ, ගෝෂෙන් නම් පළාතේ පදිංචි වී, එහි ඔබ ද ඔබේ දරුවන් ද දරුවන්ගේ දරුවන් ද ඔබේ එළු බැටළු පට්ටි හා ගව පට්ටි ද ඔබ සතු සියල්ලන් ද මට කිට්ටුවෙන් සිටිය යුතු ය. |
නුඹලාට ගෝෂෙන් දේශයෙහි වාසය කරන්ට ලැබෙන පිණිස–ඔබගේ මෙහෙකරුවූ අපිද අපේ පියවරුද අපේ බාල වයසේ පටන් මේ වන තුරු සිව්පාවුන් ඇතිකරන්නෝයයි කියන්න; කුමක්හෙයින්ද සියලු එඬේරු මිසරවරුන්ට පිළිකුලකැයි කීවේය.
එකල්හි යෝසෙප් ඇවිත්: මාගේ පියා සහ මාගේ සහෝදරයෝද ඔවුන්ගේ එළු බැටළු රැළවල් සහ ගව රැළවල්ද ඔවුන් සන්තක සියල්ලද සමඟ කානාන් දේශයෙන් ආවෝය; ඔව්හු ගෝෂෙන් දේශයෙහි සිටිතියි ඵාරාවෝට කීවේය.
යෝසෙප් තමාගේ පියාට සහ සහෝදරයන්ටද පියාගේ ගෙයි වැසි සියල්ලන්ටද ඔවුන්ගේ පවුල්වල ප්‍රකාරයට ආහාර දී ඔවුන් රක්ෂාකළේය.
තවද ඔව්හු: කානාන් දේශයෙහි සාගතය බලවත් බැවින්, ඔබගේ මෙහෙකරුවන්ගේ සිව්පා රැළවලට ගොදුරු නැති නිසා, මේ දේශයෙහි පොරොත්තුවීමට ආවෙමුව; එබැවින් දැන් ඔබගේ මෙහෙකරුවන්ට ගෝෂෙන් දේශයෙහි වසන්ට අවසර ලැබේවයි ඵාරාවෝට කීවෝය.
මිසර දේශය නුඹ ඉදිරියෙහි තිබේ; නුඹේ පියා සහ සහෝදරයන් දේශයේ ඉතාම හොඳ පළාතෙහි වාසය කරවන්න; ගෝෂෙන් දේශයෙහි ඔව්හු වාසය කෙරෙත්වා. ඔවුන් අතරේ දක්ෂ පුරුෂයන් දන්නෙහිනම් ඔවුන් මාගේ සිව්පාවුන් කෙරෙහි ප්‍රධානීන් කොට පත්කරන්නැයි කීය.
යුදෙව්වාවූ මොර්දෙකයි අහෂ්වේරොෂ් රජුට දෙවෙනියාව, යුදෙව්වරුන් අතරේ උත්තමයෙක්ව, තමාගේ සහෝදර සමූහයාට ප්‍රිය කෙනෙක්ව සිටියේය; ඔහු තමාගේ සෙනඟගේ ශුභසිද්ධිය සොයමින්, තමාගේ මුළු වංශයේ සමාදානය උදෙසා ක්‍රියාකෙළේය.
පොළෝ මධ්‍යයෙහි මම ස්වාමීන්වහන්සේව සිටින බව නුඹ දැනගන්නා පිණිස ඒ දවසේදී මාගේ සෙනඟ සිටින ගෝෂෙන් දේශයට මැසි රංචු නොපැමිණෙන හැටියට මම ඒක වෙන්කොට,
පියාණෙනි, ඔබ මට දුන් මහිමය ඔබ මට දුන්නාවුන් විසිනුත් දක්නා පිණිස මා සිටින තැන ඔවුනුත් මා සමඟ සිටිනවාට කැමැත්තෙමි. මක්නිසාද ලෝකය මැවීමට පළමුවෙන් ඔබ මට ප්‍රේමකළසේක.
එකල යෝසෙප් හැත්තෑ පස්දෙනෙක් වන ස්වකීය පියවූ යාකොබ්ද තමාගේ සියලු නෑයන්ද තමා වෙතට කැඳවා හැරියේය.