උත්පත්ති 44:10 - Sinhala Revised Old Version ඔහුද: දැනුදු නුඹලාගේ වචන ලෙසම වේවා. ඒක යමෙකු වෙත තිබී සම්බවන්නේද ඔහු මාගේ දාසයා වන්නේය; නුඹලා නිර්දෝෂවන්නහුයයි කීවේය. Sinhala New Revised Version ඔහු පිළිතුරු දෙමින්, “හොඳයි, නුඹලා කී ලෙස ඉටු වේ වා! කවුරුන් හෝ ළඟ තිබී එය සම්බවුවහොත් ඔහු මාගේ වහලා වන්නේ ය; නුඹලා නිදහස් වන්නහු ය”යි කීවේ ය. Sinhala New Revised Version 2018 ඔහු පිළිතුරු දෙමින්, “හොඳයි, නුඹලා කී ලෙස ඉටු වේ වා! කවුරුන් හෝ ළඟ තිබී එය සම්බවුවහොත් ඔහු මාගේ වහලා වන්නේ ය; නුඹලා නිදහස් වන්නහු ය”යි කීවේ ය. |
ඔහු: එසේ කිරීම මාගෙන් දුරුවේවා. කුසලාන යමෙකු අතේ තිබී සම්බවීද ඔහු මාගේ දාසයා වන්නේය; නුඹලා නුඹලාගේ පියා වෙතට සමාදානයෙන් යන්නැයි කීවේය.
එබැවින් ළමයා වෙනුවට ඔබගේ මෙහෙකරුවා මාගේ ස්වාමීන්ට දාසව සිටින්ටත් ළමයාට තමාගේ සහෝදරයන් සමඟ යන්ටත් අවසර දෙන ලෙස ඉල්ලමි.
ඔබගේ මෙහෙකරුවන්ගෙන් යමෙකු වෙත ඒක තිබී සම්බවුණොත් ඔහු නසීවා, අපිද මාගේ ස්වාමියාට දාසයෝ වන්නෙමුයයි කීවෝය.
නුමුත් ඉර උදාවී තිබේ නම් ඔහු ගැන මිනීමැරීමේ වරද වන්නේය. සොරා විසින් අලාභය ගෙවිය යුතුය; ඔහුට කිසිවක් නැත්නම් සොරකම්කළ දේවල් ගැන ඔහු විකුණනු ලැබිය යුතුය.