Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 44:17 - Sinhala Revised Old Version

17 ඔහු: එසේ කිරීම මාගෙන් දුරුවේවා. කුසලාන යමෙකු අතේ තිබී සම්බවීද ඔහු මාගේ දාසයා වන්නේය; නුඹලා නුඹලාගේ පියා වෙතට සමාදානයෙන් යන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ජෝසෙප් එවිට උත්තර දෙමින්, “එසේ නො වේ වා! මම එවැන්නක් නොකරමි. එහෙත්, යමෙකු ළඟ තිබී කුසලාන සම්බ වූයේ ද ඔහු පමණක් මාගේ වහලා වන්නේ ය. නුඹලා සැම දෙන නැඟිට නුඹලාගේ පියා වෙත සාමදානයෙන් යන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ජෝසෙප් එවිට උත්තර දෙමින්, “එසේ නො වේ වා! මම එවැන්නක් නොකරමි. එහෙත්, යමෙකු ළඟ තිබී කුසලාන සම්බ වූයේ ද ඔහු පමණක් මාගේ වහලා වන්නේ ය. නුඹලා සැම දෙන නැඟිට නුඹලාගේ පියා වෙත සාමදානයෙන් යන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 44:17
10 හුවමාරු යොමු  

දුෂ්ටයා නිදොස්කරන්නාද ධර්මිෂ්ඨයා වරදට පත්කරන්නාද යන දෙදෙනාම ස්වාමීන්වහන්සේට එකාකාර පිළිකුලක්ය.


නියම කාලය ලැබූ කල මම අවංකලෙස විනිශ්චයකරන්නෙමි.


ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ කීවෙත් ඉශ්‍රායෙල්ගේ පර්වතයාණන් මට කථා කළෙත් මෙසේය–දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව මනුෂ්‍යයන් කෙරෙහි ආණ්ඩුකරන ධර්මිෂ්ඨ ආණ්ඩුකාරයෙක් එන්නේය.


තුන්වෙනි දින යෝසෙප් ඔවුන්ට කථාකොට: නුඹලා ජීවත්වෙන පිණිස මෙසේ කරන්න; මක්නිසාද මම දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තෙමි.


අප නුඹට අත නොගැසුවාක් මෙන්ද, නුඹට යහපතමකර සමාදානයෙන් නුඹ යැවුවාක් මෙන්ද, නුඹත් අපට කිසි හිංසාවක් නොකරන ලෙස අපි නුඹ සමඟ ගිවිසුමක් කරන්නෙමුයයි කීවෙමු; නුඹ දැන් ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාදලත් තැනැත්තේයයි කීවෝය.


එයාකාර කිරීම ඔබගෙන් දුරුවේවා, ධර්මිෂ්ඨයා දුෂ්ටයා හා සමානවන ලෙස දුෂ්ටයා සමඟ ධර්මිෂ්ඨයා මැරීම ඔබ කෙරෙන් දුරුවේවා. මුළු පොළොවේ විනිශ්චයකාරයාණන්වහන්සේ යුක්තිය නොකරනසේක්දැයි කීවේය.


යූදා කියනුයේ: මාගේ ස්වාමියාට අපි කුමක් කියමුද? කුමක් කථාකරමුද? අපි කෙසේ අපම නිර්දෝෂකරගනිමුද? දෙවියන්වහන්සේ ඔබගේ මෙහෙකරුවන්ගේ අපරාධය සොයාගත්සේක. බැලුව මැනවි, කුසලාන යමෙකු අත තිබී සම්බවීද ඔහුත් අපිත් මාගේ ස්වාමියාගේ දාසයෝ යයි කීය.


එවිට යූදා ඔහුට ළංවී: අහෝ, ස්වාමීනි, ඔබගේ දාසයාට මාගේ ස්වාමීන් ඉදිරියෙහි වචනයක් කියන්ට අවසර ලැබේවා, ඔබගේ උදහස ඔබගේ මෙහෙකරුවාට විරුද්ධව නොඇවිළේවා. මක්නිසාද ඔබ ඵාරාවෝ හා සමානය.


ඔහුද: දැනුදු නුඹලාගේ වචන ලෙසම වේවා. ඒක යමෙකු වෙත තිබී සම්බවන්නේද ඔහු මාගේ දාසයා වන්නේය; නුඹලා නිර්දෝෂවන්නහුයයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්