ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 43:28 - Sinhala Revised Old Version

ඔබගේ මෙහෙකරුවූ අපගේ පියා සනීපෙන්ය, තවම ජීවත්ව සිටීයයි ඔව්හු කීවෝය. තවද ඔව්හු හිස්නමා වැන්දෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔව්හු ද පිළිතුරු දෙමින්, “ඔබේ දාසයා වූ අපේ පියා හොඳ සනීපයෙන් සිටී; ඔහු තව ම ජීවත් ව සිටින්නේ ය”යි කියා හිස පහත් කොට නමස්කාර කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔව්හු ද පිළිතුරු දෙමින්, “ඔබේ දාසයා වූ අපේ පියා හොඳ සනීපයෙන් සිටී; ඔහු තව ම ජීවත් ව සිටින්නේ ය”යි කියා හිස පහත් කොට නමස්කාර කළහ.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 43:28
8 හුවමාරු යොමු  

අපි කෙතෙහි ගොයම් මිටි බඳිමින් සිටියෙමු, බලව, මාගේ ගොයම් මිටිය නැගිට කෙළින් සිටියේය; බලව, නුඹලාගේ ගොයම් මිටි වටකොට ඇවිත් මාගේ ගොයම් මිටියට වැන්දෝයයි කීය.


යෝසෙප් ගෙදර ආ කල්හි ඔව්හු තමන්ගේ අත්වල තිබුණු තෑග්ග ඔහු වෙතට ගෙට ගෙනැවිත් බිමට නැමී ඔහුට වැන්දෝය.


තුන්වෙනිදා මනුෂ්‍යයෙක් තමාගේ ඇඳුම් ඉරාගන හිසේ පස් දමාගෙන සාවුල් වෙතින් කඳවුරෙන් නික්ම ආයේය. ඔහු දාවිත් ළඟට පැමිණි විට බිම වැටී වැන්දේය.


තෙකෝවාහි ස්ත්‍රී රජු ළඟට ගොස් මුහුණින් බිම වැටී වැඳ: අනේ රජ්ජුරුවෙනි, පිහිටවුවමැනවැයි කීවාය.


බැත්-ෂෙබා නැමී රජුට වැන්දාය. නුඹට ඕනෑ මොකදැයි රජ ඇසුවේය.


යෙහෝයාදා මැරුණු පසු යූදාහි අධිපතීහු ඇවිත් රජුට වැන්දෝය. එවිට රජ ඔවුන්ට ඇහුම්කන්දුන්නේය.


මෝසෙස් තමාගේ මාමාගේ පෙරමගට ගොස් වැඳ ඔහු සිඹගත්තේය; ඔව්හු එකිනෙකාගේ සුවදුක් විචාරා කූඩාරමට ඇතුල්වූවෝය.