ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 43:15 - Sinhala Revised Old Version

ඒ මනුෂ්‍යයෝ ඒ තෑග්ග රැගෙන, මුදල් දෙගුණයක් අත්වල තබාගෙන, බෙන්යමින්ද කැඳවාගෙන, පිටත්ව මිසරයට ගොස් යෝසෙප් ඉදිරියෙහි සිටියෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔව්හු තෑගි ගෙන, තමන්ගේ පසුම්බිවල මුදල් දෙගුණයක් ලාගෙන, බෙන්ජමින් ද රැගෙන, නැඟිට, මිසරය බලා ගොස් ජෝසෙප් ඉදිරියෙහි සිටගත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔව්හු තෑගි ගෙන, තමන්ගේ පසුම්බිවල මුදල් දෙගුණයක් ලාගෙන, බෙන්ජමින් ද රැගෙන, නැඟිට, මිසරය බලා ගොස් ජෝසෙප් ඉදිරියෙහි සිටගත්හ.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 43:15
6 හුවමාරු යොමු  

තවද ඔවුන් තමන්ගේ ගෝණි සිස්කළ කල්හි, බලව, එක් එක්කෙනාගේ මුදල් මිටිය තම තමාගේ ගෝණියෙහි තිබුණේය. ඔව්හුද ඔවුන්ගේ පියාද ඔවුන්ගේ මුදල් මිටි දැක භයවුණෝය.


ඔවුන්ගේ පියවූ ඉශ්‍රායෙල්ද: එසේ විය යුතුම නම් මේක කරන්න; මේ දේශයේ අනර්ඝ දේ වන ගුගුල් ටිකක්ද මීපැණි ටිකක්ද සුගන්ධ ද්‍රව්‍යද සුවඳලාටුද පිස්ටැසියා ඇටද කොට්ටම්බාද නුඹලාගේ භාජනවල දමා ඒ මනුෂ්‍යයාට තෑග්ගක් පිණිස ගෙනයන්න.


තවද අපි නවාතැන්පළට අවුත් අපේ ගෝණි ඇරිය කල්හි අපේ මුදල් සම්පූර්ණ බරට එක්එක්කෙනාගේ ගෝණි කටේ තිබුණේය. අපේ අත්වල නැවත ඒවා ගෙනාවෙමු.


තමන් එහිදී කෑම කන්ට යන බව ඔව්හු අසා ඉරමුදුන් වේලාවේ යෝසෙප්ගේ ඊම වන තුරු තමන්ගේ තෑග්ග සූදානම්කර තැබුවෝය.


එප්‍රායිම්හි බලසම්පන්න මනුෂ්‍යයෙක්වූ සික්රී තෙම රජුගේ පුත්‍රවූ මයසේයාද රජ ගෙයි අධිපතියාවූ අස්රිකාම්ද රජුගේ දෙවෙනියාවූ එල්කානාද මැරුවේය.


බොහෝදෙනෙක් ත්‍යාගවන්ත අයගේ හොඳ හිත ලබාගන්නට සොයති; තෑගි දෙන මනුෂ්‍යයාට කවුරුත් මිත්‍රයෝය.