Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 43:16 - Sinhala Revised Old Version

16 යෝසෙප් ඔවුන් සමඟ බෙන්යමින් සිටිනවා දුටු කල්හි තමාගේ ගෙයි ගබඩාකාරයාට කථාකොට: මේ මනුෂ්‍යයන් ගෙට කැඳවාගන ගොස් සතුන් මරා පිළියෙළ කරන්න; මක්නිසාද මේ මනුෂ්‍යයෝ දවාලට මා සමඟ කන්නෝයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ජෝසෙප් ඔවුන් සමඟ බෙන්ජමින් සිටිනු දුටු විට, තම ගෘහයේ කළමනාකරුට කතා කොට, “මේ මිනිසුන් මාගේ ගෘහයට ගෙන යන්න; සතෙකු මරා පිළියෙළ කරන්න; මාගේ ගෘහයේ ඔවුන් මා සමඟ දිවා භෝජනය වළඳනු ඇතැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ජෝසෙප් ඔවුන් සමඟ බෙන්ජමින් සිටිනු දුටු විට, තම ගෘහයේ කළමනාකරුට කතා කොට, “මේ මිනිසුන් මාගේ ගෘහයට ගෙන යන්න; සතෙකු මරා පිළියෙළ කරන්න; මාගේ ගෘහයේ ඔවුන් මා සමඟ දිවා භෝජනය වළඳනු ඇතැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 43:16
12 හුවමාරු යොමු  

තවද ඔහු තමාගේ ගෙයි ගබඩාකාරයාට අණකොට: ගෙනගිය හැකි පමණ ආහාරයෙන් ඒ මනුෂ්‍යයන්ගේ ගෝණි පුරවා එක් එක්කෙනාගේ මුදල ඒ ඒ තැනැත්තාගේ ගෝණි කටේ තබන්න.


ඔව්හු යෝසෙප්ගේ ගෙයි ගබඩාකාරයාට ළංවී ගෙයි දොරකඩදී ඔහුට කථාකරමින්:


ඇගේ සතුන් මරා, ඇගේ මුද්‍රිකපානය මිශ්‍රකොට, ඇගේ මේසයද පිළියෙළකර තිබේ.


එසේවීනම් මා විසින් මාගේ රොටිද මාගේ වතුරද මාගේ බැටළු ලොම් කපන්නන්ට මා විසින් මැරූ සතුන්ගේ මස්ද අරන් කොතැනින් ආවාද කියා මා නොදන්න මිනිසුන්ට දෙන්ටදැයි කීවේය.


ඔවුන් නුවරින් පිටත වැඩිදුර යන්ට ප්‍රථම යෝසෙප් තමන් ගබඩාකාරයාට කථාකොට: නැගිට ඒ මනුෂ්‍යයන් පසුපස්සේ යන්න; නුඹ ඔවුන් කිට්ටුකළාම: නුඹලා යහපතට අයහපත කළේ මක්නිසාද?


තවද යාකොබ් කන්දේදී පූජාවක් ඔප්පුකොට කෑම කන්ට තමාගේ සහෝදරයන් කැඳවිය. ඔව්හුද කෑම කා මුළු රාත්‍රියෙහි කන්දේ නැවතී සිටියෝය.


ඔහු ඔවුන්ට මංගල්‍ය කෑමක් පිළියෙළකෙළේය, ඔව්හුද කෑවෝය, බීවෝය.


ළදරුවා වැඩී කිරිවැරුවේය. ඊසාක් කිරිවැරූ දවසෙහි ආබ්‍රහම් මහත් මංගල්‍ය කෑමක් පිළියෙළ කෙළේය.


ආබ්‍රම් කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්ස, මට දරුවෙක් නැත, දමස්කයේ එලියේසර් මාගේ උරුමක්කාරයා වෙන්ට සිටින්නේය, ඉතින් ඔබ මට කුමක් දෙනසේක්දැයි කීය.


ඒ මනුෂ්‍යයා යෝසෙප් අණකළ ලෙස කෙළේය; ඔහු ඒ මනුෂ්‍යයන් යෝසෙප්ගේ ගෙට කැඳවාගෙන ගියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්