Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 42:35 - Sinhala Revised Old Version

35 තවද ඔවුන් තමන්ගේ ගෝණි සිස්කළ කල්හි, බලව, එක් එක්කෙනාගේ මුදල් මිටිය තම තමාගේ ගෝණියෙහි තිබුණේය. ඔව්හුද ඔවුන්ගේ පියාද ඔවුන්ගේ මුදල් මිටි දැක භයවුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 ඔව්හු තමන්ගේ ගෝණි හිස් කළ විට, එකිනෙකාගේ මුදල් පොදිය ඒ ඒ අයගේ ගෝණියේ තිබෙනු දුට හ. ඔව්හු ද, ඔවුන්ගේ පියා ද මුදල් පොදි දුටු විට බිය වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 ඔව්හු තමන්ගේ ගෝණි හිස් කළ විට, එකිනෙකාගේ මුදල් පොදිය ඒ ඒ අයගේ ගෝණියේ තිබෙනු දුට හ. ඔව්හු ද, ඔවුන්ගේ පියා ද මුදල් පොදි දුටු විට බිය වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 42:35
6 හුවමාරු යොමු  

තවද අපි නවාතැන්පළට අවුත් අපේ ගෝණි ඇරිය කල්හි අපේ මුදල් සම්පූර්ණ බරට එක්එක්කෙනාගේ ගෝණි කටේ තිබුණේය. අපේ අත්වල නැවත ඒවා ගෙනාවෙමු.


ඒ මනුෂ්‍යයෝ ඒ තෑග්ග රැගෙන, මුදල් දෙගුණයක් අත්වල තබාගෙන, බෙන්යමින්ද කැඳවාගෙන, පිටත්ව මිසරයට ගොස් යෝසෙප් ඉදිරියෙහි සිටියෝය.


මුදල් දෙගුණයක් නුඹලාගේ අත්වල තබාගන්න; නුඹලාගේ ගෝණි කටවල තිබී ගෙනා මිල නැවත නුඹලාගේ අත්වල ගෙනයන්න; ඒක වැරදීමක් වෙන්ට ඇත.


ඔහු මුදල් පසුම්බියක් අතේ ඇතුව ගියේය; ඔහු ගෙදර එන්නේ පසළොස්වක දවසේයයි කීවාය.


තවද ඔහු තමාගේ ගෙයි ගබඩාකාරයාට අණකොට: ගෙනගිය හැකි පමණ ආහාරයෙන් ඒ මනුෂ්‍යයන්ගේ ගෝණි පුරවා එක් එක්කෙනාගේ මුදල ඒ ඒ තැනැත්තාගේ ගෝණි කටේ තබන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්