එවිට යෝසෙප් ඔවුන්ගේ මලුවල ධාන්‍ය පුරවන ලෙසද ඔවුන්ගේ මුදල් එකිනෙකාගේ ගෝණියෙහි නැවත තබන ලෙසද මගට කෑම ඔවුන්ට දෙන ලෙසද ආඥා කෙළේය.
උත්පත්ති 43:12 - Sinhala Revised Old Version මුදල් දෙගුණයක් නුඹලාගේ අත්වල තබාගන්න; නුඹලාගේ ගෝණි කටවල තිබී ගෙනා මිල නැවත නුඹලාගේ අත්වල ගෙනයන්න; ඒක වැරදීමක් වෙන්ට ඇත. Sinhala New Revised Version තවද, මුදල් දෙගුණයක් අතේ ගෙන යන්න; නුඹලාගේ ගෝණිවල කටේ තිබුණු මුදල් ද අතේ රැගෙන යන්න; ඇතැම් විට එය ප්‍රමාද දෝෂයකින් වූවක් වෙන්න පුළුවන. Sinhala New Revised Version 2018 තවද, මුදල් දෙගුණයක් අතේ ගෙන යන්න; නුඹලාගේ ගෝණිවල කටේ තිබුණු මුදල් ද අතේ රැගෙන යන්න; ඇතැම් විට එය ප්‍රමාද දෝෂයකින් වූවක් වෙන්න පුළුවන. |
එවිට යෝසෙප් ඔවුන්ගේ මලුවල ධාන්‍ය පුරවන ලෙසද ඔවුන්ගේ මුදල් එකිනෙකාගේ ගෝණියෙහි නැවත තබන ලෙසද මගට කෑම ඔවුන්ට දෙන ලෙසද ආඥා කෙළේය.
තවද ඔවුන් තමන්ගේ ගෝණි සිස්කළ කල්හි, බලව, එක් එක්කෙනාගේ මුදල් මිටිය තම තමාගේ ගෝණියෙහි තිබුණේය. ඔව්හුද ඔවුන්ගේ පියාද ඔවුන්ගේ මුදල් මිටි දැක භයවුණෝය.
තවද අපි නවාතැන්පළට අවුත් අපේ ගෝණි ඇරිය කල්හි අපේ මුදල් සම්පූර්ණ බරට එක්එක්කෙනාගේ ගෝණි කටේ තිබුණේය. අපේ අත්වල නැවත ඒවා ගෙනාවෙමු.
ආහාර මිලේට ගන්නා පිණිස වෙන මුදල්ද අප අත්වල ගෙනාවෙමුව. අපේ මුදල් අපේ ගෝණිවල දැමුවේ කවුදැයි නොදනිමුයයි කීවෝය.
එකිනෙකාට ප්‍රේමවීම මිස, අන් කිසිවක් ගැන කිසිවෙකුට ණයව නොසිටින්න. මක්නිසාද තමාගේ අසල්වාසියාට ප්‍රේමකරන්නා ව්‍යවස්ථාව සම්පූර්ණකර තිබේ.
මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පමණක් නොව මනුෂ්‍යයන් ඉදිරියෙහිත් ගරුකටයුතු දේ කරන්ට සිතට ගනිමුව.
ඉතින්, සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න.
මේ කාරණය ගැන කිසිවෙක් තමාගේ සහෝදරයා රවටා වාසියක් නොගැනීමත්ය. මක්නිසාද අපි පළමු නුඹලාට කියා සාක්ෂිදුන් ලෙස, ස්වාමීන්වහන්සේ එබඳුවූ සියල්ල ගැන පළිගන්න කෙනෙක්ය.