ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 42:19 - Sinhala Revised Old Version

නුඹලා අවංක මනුෂ්‍යයෝ නම් නුඹලාගේ සහෝදරයන්ගෙන් එක්කෙනෙක් නුඹලා සිටින හිරගෙයි හිර අඩස්සියේ සිටියදී නුඹලා නුඹලාගේ ගෙවල්වල හිඟකම නිසා ධාන්‍ය රැගෙන යන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

නුඹලා අවංක අය නම්, සොහොයුරන් වන නුඹලාගෙන් කෙනෙකු, මේ සිරගෙයි සිර අඩස්සියේ තබා අනෙක් අය නුඹලාගේ පවුල්වල ඇති සාගතය සඳහා ධාන්‍ය රැගෙන යන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

නුඹලා අවංක අය නම්, සොහොයුරන් වන නුඹලාගෙන් කෙනෙකු, මේ සිරගෙයි සිර අඩස්සියේ තබා අනෙක් අය නුඹලාගේ පවුල්වල ඇති සාගතය සඳහා ධාන්‍ය රැගෙන යන්න.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 42:19
13 හුවමාරු යොමු  

ඔවුන් යෝසෙප් හිර අඩස්සියේ සිටි ස්ථානයවූ රැකවලුන්ගේ නායකයාගේ ගෙය වන හිරගෙයි දැම්මේය.


සාගතය මුළු පොළෝතලයෙහි විය. යෝසෙප් සියලු ගබඩා ඇර මිසරවරුන්ට වික්කේය; තවද සාගතය මිසර දේශයෙහි බලවත් විය.


අපි සියල්ලෝම එක මනුෂ්‍යයෙකුගේ පුත්‍රයෝය; අපි අවංක මනුෂ්‍යයෝය, ඔබගේ මෙහෙකරුවෝ ඔත්තුකාරයෝ නොවෙතියි කීවෝය.


තුන්වෙනි දින යෝසෙප් ඔවුන්ට කථාකොට: නුඹලා ජීවත්වෙන පිණිස මෙසේ කරන්න; මක්නිසාද මම දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තෙමි.


නුඹලාගේ බාල සහෝදරයා මා වෙතට ගෙනෙන්න; මෙයින් නුඹලාගේ වචන සැබෑවන්නේය, නුඹලාද නොනස්නහුයයි ඔවුන්ට කීය. ඔව්හු එසේ කළෝය.


එසේ ඔවුන්ට කරනලද්දේය. ඔව්හු තමන්ගේ කොටළුවන් පිට ධාන්‍ය පටවාගෙන එතැනින් පිටත්ව ගියෝය.


එවිට දේශයේ අධිපතියාවූ ඒ මනුෂ්‍යයා අපට කථාකොට: නුඹලා අවංක මනුෂ්‍යයන් බව මෙයින් දැනගන්නෙමි; නුඹලාගේ සහෝදරයන්ගෙන් එක්කෙනෙක් මා ළඟ නවත්වා, නුඹලාගේ ගෙවල්වල හිඟකම නිසා ධාන්‍ය රැගෙන යන්න.


ඔහු තමාගේ පියාට මෙයාකාරයෙන් යැවීය; එනම්, මිසරයේ හොඳ දේවල් පටවනලද කොටළුවන් දසදෙනෙකුත් තමාගේ පියාට මගට ධාන්‍යද රොටිද භෝජනද පටවනලද කොටළුදෙනුන් දසදෙනෙකුත් යැවුවේය.


එහෙත් මොව්හු කොල්ලකෑමද පැහැරගැන්මද වින්දාවූ සෙනඟක්ය; මොවුන් සියල්ලෝම වළවල්හි අසුවී, ඇඳිරි ගෙවල්වල සඟවනු ලැබ සිටිති. කිසිවෙකු විසින් ගළවනු නොලැබ, ඔව්හු කොල්ලයක්ව සිටිති; නිදහස්කරන්නැයි කිසිවෙකු කියන්නේ නැතුව නාස්තියක්වී සිටිති.


එසේ කරන්නේ අන්ධවූ ඇස් අරින්ටත් හිරකාරයන් හිරගෙයින්ද අන්ධකාරයෙහි ඉන්නන් ඇඳිරි ගෙයින්ද පිටතට ගෙනෙන්ටත්ය.


එවිට අධිපතීහු යෙරෙමියා කෙරෙහි උදහස්වී, ඔහුට තළා, යොනාතාන් ලේකමගේ ගෙයි ඔහු හිරඅඩස්සිකළෝය; මක්නිසාද ඔවුන් ඒක හිරගෙයක් කර තිබුණේය.