Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 40:3 - Sinhala Revised Old Version

3 ඔවුන් යෝසෙප් හිර අඩස්සියේ සිටි ස්ථානයවූ රැකවලුන්ගේ නායකයාගේ ගෙය වන හිරගෙයි දැම්මේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 මුර සෙන්පතියාගේ නිවෙසහි වූ, සිරගෙදර ඔවුන් දැමී ය. ජෝසෙප් ද සිරගත ව සිටියේ එම ස්ථානයේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 මුර සෙන්පතියාගේ නිවසෙහි වූ, සිරගෙදර ඔවුන් දැමී ය. ජෝසෙප් ද සිරගත ව සිටියේ එම ස්ථානයේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 40:3
6 හුවමාරු යොමු  

එවිට යෝසෙප්ගේ ස්වාමියා ඔහු ගෙන රජහුගේ හිරකාරයන් බඳිනලද ස්ථානයවූ හිරගෙයි දැමීය. එහි ඔහු හිරගෙයි සිටියේය.


හිරගෙයි නායකයා ඔහු අත යටතේ තිබුණු කිසිම දෙයක් බැලුවේ නැත, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටිසේක; ඔහු කළ දේවල්ද ස්වාමීන්වහන්සේ සඵලකළසේක.


යෝසෙප් මිසරයට ගෙනයන ලද්දේය; ඵාරාවෝගේ ඇමතියෙක්ද රැකවලුන්ගේ නායකයාද වූ මිසරයෙක් වන පෝතිඵර් ඔහු එහි ගෙනගිය ඉෂ්මායෙල්වරුන්ගෙන් ඔහු මිලේට ගත්තේය.


හිරගෙයි නායකයාද හිරගෙයි සිටි සියලු හිරකාරයන් යෝසෙප් අතට භාරදුන්නේය; ඔවුන් එහි කළාවූ සියල්ලද ඔහු යටතේ කරනලද්දේය.


රැකවලුන්ගේ නායකයා ඔවුන් යෝසෙප්ට භාරකෙළේය, ඔහු ඔවුන්ට සේවය කෙළේය. ඔව්හුද කාලයක් හිරගෙයි සිටියෝය.


ඵාරාවෝ තමන් සේවකයන් කෙරෙහි උදහස්වී මා සහ පූප සාදන්නන්ගේ නායකයාද රැකවලුන්ගේ අධිපතියාගේ ගෙයි හිරේදැම්මේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්