Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 42:19 - Sinhala New Revised Version

19 නුඹලා අවංක අය නම්, සොහොයුරන් වන නුඹලාගෙන් කෙනෙකු, මේ සිරගෙයි සිර අඩස්සියේ තබා අනෙක් අය නුඹලාගේ පවුල්වල ඇති සාගතය සඳහා ධාන්‍ය රැගෙන යන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 නුඹලා අවංක අය නම්, සොහොයුරන් වන නුඹලාගෙන් කෙනෙකු, මේ සිරගෙයි සිර අඩස්සියේ තබා අනෙක් අය නුඹලාගේ පවුල්වල ඇති සාගතය සඳහා ධාන්‍ය රැගෙන යන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 නුඹලා අවංක මනුෂ්‍යයෝ නම් නුඹලාගේ සහෝදරයන්ගෙන් එක්කෙනෙක් නුඹලා සිටින හිරගෙයි හිර අඩස්සියේ සිටියදී නුඹලා නුඹලාගේ ගෙවල්වල හිඟකම නිසා ධාන්‍ය රැගෙන යන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 42:19
13 හුවමාරු යොමු  

එවිට අධිපතීහු ජෙරමියාට විරුද්ධ ව කිපී, ඔහුට තළා හිර නිවසක් මෙන් සැලකුණ ජොනතන් ලේකම්ගේ ගෙයි ඔහු හිර අඩස්සි කළෝ ය.


එහෙත්, එතුමන්ගේ සෙනඟ කොල්ලකෑමට ගොදුරු වූ හ. ඔවුන් ඇඳිරි ගෙවල්හි වසනු ලැබ, හිරගෙවල්හි සඟවා තබනු ඇත. ඔව්හු ගළවන්න කිසිවෙකු නැති ව කොල්ලකෑමට ගොදුරු වී සිටිති. ඔව්හු නිදහස් කරන්න කිසිවෙකු නැති ව සොරා කෑමට ගොදුරු වී සිටිති.


මා එසේ කෙළේ, නුඹ අන්ධයන්ගේ ඇස් පහදන පිණිසත්, සිරගෙයි සිරකරුවන් ද දඟගෙයි අඳුරෙහි වසන්නන් ද මුදන පිණිසත් ය.


තවද, ඔහු තමාගේ පියාට මිසරයේ ඉතා අගනා දේ පටවන ලද කොටළුවන් දසදෙනෙකු ද, මාර්ගයේ දී ඔහුට උවමනා ධාන්‍ය ආහාර සහ මස් මාංස පටවන ලද කොටළු දෙනුන් දසදෙනෙකු ද යැවී ය.


ඔව්හු කොටළුවන් පිට ධාන්‍ය පටවාගෙන එතැනින් නික්ම ගියහ.


සාගතය ද මුළු පොළෝ තලය පුරා පැවතිණි. ජෝසෙප් ගබඩා සියල්ල විවෘත කොට, මිසර වාසීන්ට ධාන්‍ය වික්කේ ය. මුළු මිසර දේශය තුළ සාගතය තදින් බලපෑවේ ය.


මුර සෙන්පතියාගේ නිවෙසහි වූ, සිරගෙදර ඔවුන් දැමී ය. ජෝසෙප් ද සිරගත ව සිටියේ එම ස්ථානයේ ය.


අපි සියල්ලෝ ම එක මිනිසෙකුගේ පුත්‍රයෝ වෙමු. අපි අවංක මිනිස්සු ය. ඔබේ දාසයෝ ඔත්තුකාරයෝ නොවෙති”යි කී හ.


තුන් වන දින ජෝසෙප් ඔවුන්ට කතා කොට, “මම දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇත්තෙක්මි. එබැවින් නුඹලා පණ බේරාගන්න කැමැති නම් මෙසේ කරන්න;


එහෙත්, බාල ම සහෝදරයා මා වෙත ගෙනා යුතු ය. මෙලෙස නුඹලා ඇත්ත කී බව ඔප්පු වීමෙන් මරණයෙන් බේරෙන්නහු ය”යි කී ය. ඔව්හු ද ඊට එකඟ වූ හ.


එවිට දේශාධිපතියා වූ ඒ මනුෂ්‍යයා අපට කතා කොට, ‘නුඹලා අවංක අය බව මෙයින් දැනගන්නෙමි. එනම්, නුඹලාගේ සහෝදරයන්ගෙන් කෙනෙකු මා ළඟ නවත්වා නුඹලාගේ පවුල්වල සාගතය සඳහා ආහාර රැගෙන පිටතට යන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්