එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම්වන්නේය; ඔව්හු එක මාංසයක් වන්නෝය.
උත්පත්ති 41:26 - Sinhala Revised Old Version හොඳ එළදෙනුන් සත්දෙනා නම් අවුරුදු සතක්ය. හොඳ කරල් සත නම් අවුරුදු සතක්ය; ස්වප්නය එකක්මය. Sinhala New Revised Version හොඳ එළදෙනුන් හත්දෙන අවුරුදු හතකි; හොඳ කරල් හත ද අවුරුදු හතකි; සිහිනය එක ම යි. Sinhala New Revised Version 2018 හොඳ එළදෙනුන් හත්දෙන අවුරුදු හතකි; හොඳ කරල් හත ද අවුරුදු හතකි; සිහිනය එක ම යි. |
එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම්වන්නේය; ඔව්හු එක මාංසයක් වන්නෝය.
බලව, පෙනීමට ලක්ෂණවූ මාංසයෙන් තරවූ එළදෙනුන් සත්දෙනෙක් ගංගාවෙන් නැගී අවුත් පන්ගස් අතරෙහි කමින් සිටියෝය.
එවිට යෝසෙප් ඵාරාවෝට කථාකොට: ඵාරාවෝගේ ස්වප්නය එකක්මය. දෙවියන්වහන්සේ තමන් කරන්ට යන දෙය ඵාරාවෝට ප්‍රකාශ කළසේක.
උන්ට පසුව නැගී ආවාවූ කෙට්ටුවූ අවලක්ෂණවූ එළදෙනුන් සත්දෙනා නම් අවුරුදු සතක්ය; පෙරදිග සුළඟින් වියළීගියාවූ හීන්වූ කරල් සතත් එසේමය. ඒවා සාගත අවුරුදු සත වන්නේය.
නැවත ඔහු නිදාගෙන දෙවෙනි වරද ස්වප්නයක් දුටුවේය. බලව, තරවූ හොඳ කරල් සතක් එක ගොයම් ගසක හටගත්තේය.
නුඹලා ඒවා කෑ යුතු මෙසේය: නුඹලාගේ ඉඟටි බැඳ වහන් පය ලා සැරයටි අතින් ගෙන ඉක්මනින් කෑ යුතුය. ඒක ස්වාමීන්වහන්සේගේ පාස්කුවය.
අතින් නොකැපූ ගලක් කන්දෙන් ගැළවී ඇවිත් යකඩද පිත්තලද මැටිද රිදීද රත්රන්ද පොඩිකරනවා ඔබ දුටු හෙයින්, ඒක ඒ සියලු රාජ්‍යවල් පොඩිකර නැති කරන්නේය, එයද සදාකාලේටම පවතින්නේය. මහෝත්තම දෙවියන්වහන්සේ මතු සිද්ධවෙන්ට තිබෙන කාරණා රජුට දන්වා තිබේ. ස්වප්නය සැබෑය, එහි අර්ථයද සත්තකයයි කීවේය.
සියල්ලන්ම එම ආත්මික බීම බී බවත්, නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමි. මක්නිසාද ඔව්හු තමුන් අනුව ගියාවූ ආත්මික පර්වතයකින් බීවෝය. ඒ පර්වතය නම් ක්‍රිස්තුස්වහන්සේය.