ඉක්බිති මිසරයේ රජ්ජුරුවන්ගේ කුසලාන දරන්නාද පූප සාදන්නාද තමන්ගේ ස්වාමිවූ මිසරයේ රජ්ජුරුවන්ට විරුද්ධව වරද කළෝය.
උත්පත්ති 41:13 - Sinhala Revised Old Version ඔහු අපට තේරුම කියාදුන් ලෙසම සිද්ධවිය; රජතෙම මාගේ තනතුරට මා නැවත පමුණුවා ඔහු එල්ලා දැමුවේයයි කීවේය. Sinhala New Revised Version ඇත්තට ම ඔහු අපට තේරුම් කළ ලෙස ම සියල්ල සිදුවිය. එනම් මම නැවත නිලයට පත් කරන ලදිමි. එහෙත් පූප සාදන්නා එල්ලාදමන ලදී”යි කීවේ ය. Sinhala New Revised Version 2018 ඇත්තට ම ඔහු අපට තේරුම් කළ ලෙස ම සියල්ල සිදුවිය. එනම් මම නැවත නිලයට පත් කරන ලදිමි. එහෙත් රොටි සාදන්නා එල්ලාදමන ලදී”යි කීවේ ය. |
ඉක්බිති මිසරයේ රජ්ජුරුවන්ගේ කුසලාන දරන්නාද පූප සාදන්නාද තමන්ගේ ස්වාමිවූ මිසරයේ රජ්ජුරුවන්ට විරුද්ධව වරද කළෝය.
බලව, උදුරන්ට හා කඩාදමන්ටත් නැතිකරන්ට හා හෙළාදමන්ටත් ගොඩනගන්ට හා සිටුවන්ටත් අද දවසේ මම නුඹ ජාතීන් කෙරෙහිද රාජ්‍යවල් කෙරෙහිද පත්කෙළෙමියි කීසේක.
මා දුටු පෙනීම නම් නුවර විනාශකරන්ට මා එද්දී මා විසින් දුටු දර්ශනයේ පෙනීම මෙන්ය; ඒ දර්ශනද කෙබාර් ගංගාව ළඟදී මා දුටු දර්ශනය මෙන්ය. එවිට මම මුහුණින් වැටුණෙමි.