Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 40:1 - Sinhala Revised Old Version

1 ඉක්බිති මිසරයේ රජ්ජුරුවන්ගේ කුසලාන දරන්නාද පූප සාදන්නාද තමන්ගේ ස්වාමිවූ මිසරයේ රජ්ජුරුවන්ට විරුද්ධව වරද කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 මීට ස්වල්ප කලකට පසු මිසරයේ රජුගේ කුසලාන පිරිනමන්නා හා පූප සාදන්නා ඔවුන්ගේ ස්වාමියා වන මිසරයේ රජතුමාට විරුද්ධ ව වැරදි කොට තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 මීට ස්වල්ප කලකට පසු මිසරයේ රජුගේ කුසලාන පිරිනමන්නා හා රොටි සාදන්නා ඔවුන්ගේ ස්වාමියා වන මිසරයේ රජතුමාට විරුද්ධ ව වැරදි කොට තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 40:1
10 හුවමාරු යොමු  

තව තුන් දවසක් ඇතුළතදී ඵාරාවෝ නුඹේ හිස ඔසවා නුඹේ නිලයට නැවත නුඹ පමුණුවන්නේය. නුඹ ඵාරාවෝගේ කුසලාන දරන්නාව සිටියදී පළමුවෙන් කළ ලෙස ඔහුගේ කුසලාන ඔහු අතට දෙන්නෙහිය,


එදා රාත්‍රියේ රජුට නින්ද නොගොස් ඉකුත්වූ කාලයේ කරුණු සඳහන්වූ ලේකම් පොත ගෙනෙන්ට අණකළේය, එය රජු ඉදිරියෙහි කියවනලද්දේය.


අහෝ ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාගේ යාච්ඤාවටත් ඔබගේ නාමය කෙරෙහි භය පක්ෂව සිටීමට ප්‍රියවෙන ඔබගේ මෙහෙකරුවන්ගේ යාච්ඤාවටත් ඔබගේ කන් යොමා, අද ඔබගේ මෙහෙකරුවාට සඵලය දී, මේ මනුෂ්‍යයා ඉදිරියෙහි ඔහුට කරුණාව ලැබෙන්ට සැලැස්සුව මැනවයි කීමි. මම වනාහි රජුගේ පාත්‍රාධාරීව සිටියෙමි.


ඵාරාවෝ තමන් ඇමතියන් දෙදෙනාවූ කුසලාන දරන්නන්ගේ නායකයා කෙරෙහිද පූප සාදන්නන්ගේ නායකයා කෙරෙහිද උදහස්ව


හිරගෙයි බඳනාලද්දාවූ මිසරයේ රජ්ජුරුවන්ගේ කුසලාන දරන්නාද පූප සාදන්නාද යන දෙදෙනාම තම තමාට අදාළවූ අර්ථ ඇති හීනයක් එක රාත්‍රියේම දුටුවෝය.


ඵාරාවෝගේ කුසලාන මා අතෙහි තිබුණේය; මම මුද්‍රික ඵල රැගෙන ඵාරාවෝගේ කුසලානට මිරිකා ඒ කුසලාන ඵාරාවෝ අතට දුනිමියි කීවේය.


පූප සාදන්නන්ගේ නායකයා ඒ අර්ථ කීම යහපත් බව දැක යෝසෙප්ට කියනුයේ: මමත් හීනයක් දුටිමි, බලව, මාගේ හිස පිට සුදු රොටි පෙට්ටි තුනක් තිබුණේය.


එවිට කුසලාන දරන්නන්ගේ නායකයා ඵාරාවෝට කථාකරමින්: මාගේ වරද අද සිහිකරමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්