ඵාරාවෝගේ කුසලාන මා අතෙහි තිබුණේය; මම මුද්‍රික ඵල රැගෙන ඵාරාවෝගේ කුසලානට මිරිකා ඒ කුසලාන ඵාරාවෝ අතට දුනිමියි කීවේය.
උත්පත්ති 40:12 - Sinhala Revised Old Version යෝසෙප් ඔහුට කියනුයේ: එහි අර්ථය මේය. අතු තුන නම් තුන් දවසක්ය; Sinhala New Revised Version ජෝසෙප් ඔහුට කතා කොට, “එහි තේරුම නම් මෙය යි. රිකිලි තුන දින තුනකි. Sinhala New Revised Version 2018 ජෝසෙප් ඔහුට කතා කොට, “එහි තේරුම නම් මෙය යි. රිකිලි තුන දින තුනකි. |
ඵාරාවෝගේ කුසලාන මා අතෙහි තිබුණේය; මම මුද්‍රික ඵල රැගෙන ඵාරාවෝගේ කුසලානට මිරිකා ඒ කුසලාන ඵාරාවෝ අතට දුනිමියි කීවේය.
තව තුන් දවසක් ඇතුළතදී ඵාරාවෝ නුඹේ හිස ඔසවා නුඹේ නිලයට නැවත නුඹ පමුණුවන්නේය. නුඹ ඵාරාවෝගේ කුසලාන දරන්නාව සිටියදී පළමුවෙන් කළ ලෙස ඔහුගේ කුසලාන ඔහු අතට දෙන්නෙහිය,
රැකවලුන්ගේ අධිපතියාගේ මෙහෙකරුවූ හෙබ්‍රෙව් තරුණයෙක් අප සමඟ එහි සිටියේය; ඔහුට අපේ ස්වප්න කීවෙමුව, ඔහු ඒවා අපට තෝරාදුන්නේය; එක් එක්කෙනාගේ ස්වප්නයේ හැටියට තේරුම කියාදුන්නේය.
මේ ස්වප්නය නෙබුකද්නෙශර් රජ වන මම දුටිමි. බේල්ටෙෂශර්, නුඹ අර්ථය කියන්න, මක්නිසාද මට අර්ථය දන්වන්ට මාගේ රාජ්‍යයේ සියලු ශාස්ත්‍රවන්තයන්ට බැරිය; නුමුත් ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය නුඹට තිබෙන නිසා නුඹට නම් පුළුවන.
ඔවුන් කමින් සිටියදී යේසුස්වහන්සේ රොටි ගෙන ආශීර්වාදකොට කඩා ගෝලයන්ට දී: රැගෙන කන්න; මේක මාගේ ශරීරයයයි කීසේක.
සියල්ලන්ම එම ආත්මික බීම බී බවත්, නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමි. මක්නිසාද ඔව්හු තමුන් අනුව ගියාවූ ආත්මික පර්වතයකින් බීවෝය. ඒ පර්වතය නම් ක්‍රිස්තුස්වහන්සේය.
මේ හාගර් නම් අරාබියෙහි සීනා පර්වතයය, ඒ දැන් තිබෙන යෙරුසලමට අදාළවේ. මක්නිසාද ඈ තමාගේ දරුවන් සමඟ දාසකමෙහි සිටින්නීය.
අනික් තැනැත්තා උත්තරදෙමින්: මේක ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙක්වූ, යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන්ගේ කඩුව මිස වෙන දෙයක් නොවේ. ඔහු අතට දෙවියන්වහන්සේ මිදියන්වරුන්ද මුළු සේනාවද පාවා දී තිබේයයි කීවේය.