Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 40:11 - Sinhala Revised Old Version

11 ඵාරාවෝගේ කුසලාන මා අතෙහි තිබුණේය; මම මුද්‍රික ඵල රැගෙන ඵාරාවෝගේ කුසලානට මිරිකා ඒ කුසලාන ඵාරාවෝ අතට දුනිමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 පාරාවෝගේ කුසලාන මා අතේ විය. මම මිදි ගෙඩි ගෙන, පාරාවෝගේ කුසලානට ඒවා මිරිකා, පාරාවෝ අතට කුසලාන දුනිමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 පාරාවෝගේ කුසලාන මා අතේ විය. මම මිදි ගෙඩි ගෙන, පාරාවෝගේ කුසලානට ඒවා මිරිකා, පාරාවෝ අතට කුසලාන දුනිමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 40:11
11 හුවමාරු යොමු  

අහෝ ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාගේ යාච්ඤාවටත් ඔබගේ නාමය කෙරෙහි භය පක්ෂව සිටීමට ප්‍රියවෙන ඔබගේ මෙහෙකරුවන්ගේ යාච්ඤාවටත් ඔබගේ කන් යොමා, අද ඔබගේ මෙහෙකරුවාට සඵලය දී, මේ මනුෂ්‍යයා ඉදිරියෙහි ඔහුට කරුණාව ලැබෙන්ට සැලැස්සුව මැනවයි කීමි. මම වනාහි රජුගේ පාත්‍රාධාරීව සිටියෙමි.


ඔහුගේ මෙහෙකරුවන්ගේ හිදීම හා ඔහුගේ ඇමතියන්ගේ සේවයද ඔවුන්ගේ ඇඳුම්ද ඔහුගේ පානපාත්‍රා දරන්නන් හා ඔවුන්ගේ ඇඳුම්ද ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයට නගින පඩි පෙළද දුටු කල ඕතොම මවිතවූවාය.


ඔහුගේ මේසයේ කෑමද ඔහුගේ සේවකයන් හිඳගන්න අන්දමද ඔහුගේ මෙහෙකරුවන් සිටින හැටිද ඔවුන්ගේ ඇඳුම්ද ඔහුගේ කුසලාන දරන්නන්ද ඔහු විසින් ස්වාමීන්වහන්සේගේ ගෘහයට නැගී යන පඩිපෙළද දුටු කල ඈ අතිශයින් මවිතවී,


එවිට නුඹේ අටු බොහෝ ධාන්‍යයෙන් පිරෙන්නේය, නුඹේ මුද්‍රික යන්ත්‍රද අලුත් මුද්‍රිකපානයෙන් ඉතිරෙන්නේය.


සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්වෙන කල නුඹවත් නුඹේ පුත්‍රයෝවත් නොනසින පිණිස මුද්‍රිකපානයවත් මද්‍යපානයවත් පානයනොකරන්න.


ඔහු තමාගේ කොටළු පැටවා මුද්‍රික වැලේද තමාගේ කොටළු වස්සා සාරවූ මුද්‍රික වැලේද බඳිමින් තමාගේ වස්ත්‍ර මුද්‍රිකපානයෙන්ද තමාගේ සළුව මුද්‍රික යුසයෙන්ද සේදුවේය.


කුසලාන දරන්නන්ගේ නායකයා ඔහුගේ නිලයට නැවත පැමිණවිය; ඔහු ඵාරාවෝගේ අතට කුසලාන දුන්නේය.


ඉක්බිති මිසරයේ රජ්ජුරුවන්ගේ කුසලාන දරන්නාද පූප සාදන්නාද තමන්ගේ ස්වාමිවූ මිසරයේ රජ්ජුරුවන්ට විරුද්ධව වරද කළෝය.


ඒ මුද්‍රික වැලේ අතු තුනක් තිබුණේය. ඒක දළු දමා එහි මල් අටගත්තාක් මෙන්ද විය; එහි වලුවල ඉදුණු මිදි පල තිබුණේය.


යෝසෙප් ඔහුට කියනුයේ: එහි අර්ථය මේය. අතු තුන නම් තුන් දවසක්ය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්