ඒබෙර්ගේ සියලු පුත්‍රයන්ගේ පියාද යඵෙත්ගේ වැඩිමහල් සහෝදරයාද වූ ෂෙම්ටත් පුත්‍රයෝ උපන්නෝය.
උත්පත්ති 39:14 - Sinhala Revised Old Version බලන්න, හෙතෙම අපට නින්දාකරන පිණිස හෙබ්‍රෙව් මනුෂ්‍යයෙකු අප වෙතට ගෙනායේය; ඔහු මා සමඟ සයනයකරන පිණිස මා වෙතට ආයේය, මම මහත් හඬකින් මොරගැසීමි. Sinhala New Revised Version තම ගෘහයේ සේවකයන් කැඳවා, ඔවුන්ට කතා කරමින්, “බලන්න, මාගේ සැමියා අපට අවමන් කිරීමට අප වෙත හෙබ්‍රෙව් ජාතිකයෙකු ගෙනාවේ ය. මා සමඟ සයනය කිරීමට ඔහු මා ළඟට පැමිණියේ ය, මම ද මහ හඬින් කෑගැසුවෙමි. Sinhala New Revised Version 2018 තම ගෘහයේ සේවකයන් කැඳවා, ඔවුන්ට කතා කරමින්, “බලන්න, මාගේ සැමියා අපට අවමන් කිරීමට අප වෙත හෙබ්‍රෙව් ජාතිකයෙකු ගෙනාවේ ය. මා සමඟ සයනය කිරීමට ඔහු මා ළඟට පැමිණියේ ය, මම ද මහ හඬින් කෑගැසුවෙමි. |
ඒබෙර්ගේ සියලු පුත්‍රයන්ගේ පියාද යඵෙත්ගේ වැඩිමහල් සහෝදරයාද වූ ෂෙම්ටත් පුත්‍රයෝ උපන්නෝය.
එවිට ගැළවී ගිය කෙනෙක් ඇවිත් හෙබ්‍රෙව්වාවූ ආබ්‍රම්ට දැන්විය. හෙතෙම වනාහි එෂ්කොල්ගේ සහෝදරයාද අනෙර්ගේ සහෝදරයාදවූ අමෝරිය මම්රේගේ ආලෝන් ගස් ළඟ වාසයකෙළේය. මොව්හු ආබ්‍රම් සමඟ ගිවිසුමක් කරගෙන සිටියෝය.
මේ වචන ප්‍රකාරයටම ඈ ඔහුට කථාකරමින්: නුඹ අප වෙතට ගෙනාවාවූ හෙබ්‍රෙව් වැඩකාරයා මට නින්දාකරන්ට මා ළඟට ආයේය.
මින් පසු යෝසෙප්ගේ ස්වාමිහුගේ භාර්යාව ඔහු කෙරෙහි ඇස් හෙළා: මා සමඟ සයනයකරන්නැයි කීවාය.
මක්නිසාද සැබවින් මම හෙබ්‍රෙව්වරුන්ගේ දේශයෙන් සොරකම් කරනු ලැබීමි. මෙහිදීත් මම ඇඳිරිගෙයි දමනු ලැබීමට කිසිවක් නොකෙළෙමියි කීය.
ධර්මිෂ්ඨකම දන්නාවූ, මාගේ ව්‍යවස්ථාව තමුන්ගේ සිත්වල ඇත්තාවූ සෙනඟෙනි, මට කන්දෙන්න; මනුෂ්‍යයන්ගේ නින්දාකිරීමට භය නොවෙන්න, ඔවුන්ගේ අපහාසවලට නොකැලඹෙන්න.
නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය; විනිශ්චයකිරීමට නුඹට විරුද්ධව නැගිටින සියලුම දිව් නුඹ විසින් වරදට පත්කරනවා ඇත. ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ උරුමයත් මාගෙන් ඔවුන්ට ලැබෙන ධර්මිෂ්ඨකමත් එයාකාරයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
නුඹට ළංව සිටින්නෝද දුරව සිටින්නෝද අපකීර්තියත් බොහෝ කැලඹීමත් ඇතුව සිටින කෙනෙක් කොට නුඹට කවටකම්කරන්නෝය.
නායක පූජකයෝද මුළු මන්ත්‍රණසභාවද යේසුස්වහන්සේ මරණයට පත්කරන පිණිස උන්වහන්සේට විරුද්ධව බොරු සාක්ෂි සෙවුවෝය.
මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩාකොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශීර්වාදලද්දෝය.
ඔව්හු උන්වහන්සේට වරද තබන්ට පටන්ගෙන: මොහු අපගේ ජාතිය මුළාකරන බවද, කායිසර්ට ආදායම් දීම තහනම්කරන බවද, තමාම ක්‍රිස්තුස් රජයයි කියන බවද අපි දැනගතිමුයයි කීවෝය.
ගෞරවය සහ අගෞරවය කරණකොටගෙනද, අපකීර්තිය සහ කීර්තිය කරණකොටගෙනද, වංචාකාරයන් මෙන් පෙනෙන නුමුත් සත්‍යවාදී අය මෙන්ද;
මක්නිසාද නුඹලා වරදකොට ඒ ගැන පහර ලබන කල්හි ඉවසන්නහු නම්, එය මොන උතුම්කමක්ද? නුමුත් යහපත්කම් කොට ඒ ගැන දුක්විඳින කල්හි ඉවසන්නහු නම්, ඒක දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රශංසනීය දෙයක්ය.