ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 38:5 - Sinhala Revised Old Version

ඈ නැවතත් තව පුත්‍රයෙකු බිහිකර ඔහුට ෂේලා යන නම තැබුවාය. ඈ ඔහු බිහිකරන කල්හි යූදා කෙසිබ්හි සිටියේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඈ තව වරක් ගැබ්ගෙන පුතෙකු ලැබුවෙන්, ඔහුට ෂේලා යන නම තැබුවා ය. ඈ ෂේලා ලැබූ විට, ජුදා සිටියේ කෙසිබ් නම් ස්ථානයේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඈ තව වරක් ගැබ්ගෙන පුතෙකු ලැබුවෙන්, ඔහුට ෂේලා යන නම තැබුවා ය. ඈ ෂේලා ලැබූ විට, ජුදා සිටියේ කෙසිබ් නම් ස්ථානයේ ය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 38:5
8 හුවමාරු යොමු  

එවිට යූදා තම ලේලිවූ තාමාර්ට කථාකොට: මාගේ පුත්‍රවූ ෂේලා වැඩිවිය පැමිණෙන තෙක් නුඹේ පියාගේ ගෙයි වැන්දඹුවක්ව සිටින්නැයි කීවේය. කුමක් හෙයින්ද: ඔහුගේ සහෝදරයන් මෙන් ඔහුද නොනස්නා පිණිසයයි ඔහු කීය. තාමාර් ගොස් ඇගේ පියාගේ ගෙයි විසුවාය.


යූදා ඒවා හැඳින: ඈ මට වඩා ධර්මිෂ්ඨය; කුමක් හෙයින්ද මාගේ පුත්‍රවූ ෂේලාට ඈ නුදුන්නෙමියි කීවේය. ඔහු තවත් ඈ නොහැඳින්නේය.


යූදා තමාගේ කුලුඳුලාවූ ඒර්ට තාමාර් නම්වූ භාර්යාවක් ගෙනදුන්නේය.


යූදාගේ පුත්‍රයෝ, ඒර්, ඕනාන්, ෂෙලා, පෙරෙශ් සහ ශෙරාය. එහෙත් ඒර් සහ ඕනාන් කානාන් දේශයේදී නැසුණෝය. පෙරෙශ්ගේ පුත්‍රයෝ, හෙශ්රොන් සහ හාමුල්ය.


යූදාගේ පුත්‍රයෝ නම්: ඒර්, ඕනාන් සහ ෂේලාය. මේ තුන්දෙනා කානානිය බැත්-ෂුවාගෙන් ඔහු නිසා උපන්නෝය. යූදාගේ කුලුඳුලාවූ ඒර් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දුෂ්ටව සිටිය බැවින් උන්වහන්සේ ඔහු නැසූසේක.


යූදාගේ පුත්‍රවූ ෂේලාගේ පුත්‍රයෝ නම්: ලේකාගේ පියවූ ඒර්ද මරේෂාගේ පියවූ ලෙයෙදාද අෂ්බෙයාගේ වංශය වන සිහින් හණ රෙදි වියන්නන්ගේ වංශයේ පවුල්ද;


යූදාගේ පුත්‍රයෝනම් ඒර් සහ ඕනාන්ය. ඒර් සහ ඕනාන් කානාන් දේශයේදී නැසුණෝය.


තමුන්ගේ පවුල්වල හැටියට යූදාගේ පුත්‍රයෝනම්: ෂේලාගෙන් පැවත ආ ෂේලා පවුලය. පෙරෙශ්ගෙන් පැවත ආ පෙරෙශ් පවුලය. ශෙරාගෙන් පැවත ආ ශෙරා පවුලය.