Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 2:3 - Sinhala Revised Old Version

3 යූදාගේ පුත්‍රයෝ නම්: ඒර්, ඕනාන් සහ ෂේලාය. මේ තුන්දෙනා කානානිය බැත්-ෂුවාගෙන් ඔහු නිසා උපන්නෝය. යූදාගේ කුලුඳුලාවූ ඒර් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දුෂ්ටව සිටිය බැවින් උන්වහන්සේ ඔහු නැසූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ජුදාගේ පුත්‍රයෝ නම්: ඒර්, ඕනාන් සහ ෂේලා ය. මේ තුන්දෙනා කානානිය බැත්-ෂුවාගෙන් ඔහුට දාව උපන්නෝ ය. ජුදාගේ කුලුඳුලා වූ ඒර් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දුෂ්ට ව සිටි බැවින් උන් වහන්සේ ඔහු නැසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ජුදාගේ පුත්‍රයෝ නම්: ඒර්, ඕනාන් සහ ෂේලා ය. මේ තුන්දෙනා කානානිය බැත්-ෂුවාගෙන් ඔහුට දාව උපන්නෝ ය. ජුදාගේ කුලුඳුලා වූ ඒර් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දුෂ්ට ව සිටි බැවින් උන් වහන්සේ ඔහු නැසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 2:3
8 හුවමාරු යොමු  

යූදාගේ පුත්‍රයෝ, ඒර්, ඕනාන්, ෂෙලා, පෙරෙශ් සහ ශෙරාය. එහෙත් ඒර් සහ ඕනාන් කානාන් දේශයේදී නැසුණෝය. පෙරෙශ්ගේ පුත්‍රයෝ, හෙශ්රොන් සහ හාමුල්ය.


දාන්, යෝසෙප්, සහ බෙන්යමින්ය, නප්තලී, ගාද් සහ ආෂෙර්ය.


යූදාගේ පුත්‍රයෝ නම්: පෙරෙශ්, හෙශ්රොන්, කර්මි, හූර් සහ ෂෝබාල්ය.


යූදාගේ පුත්‍රවූ ෂේලාගේ පුත්‍රයෝ නම්: ලේකාගේ පියවූ ඒර්ද මරේෂාගේ පියවූ ලෙයෙදාද අෂ්බෙයාගේ වංශය වන සිහින් හණ රෙදි වියන්නන්ගේ වංශයේ පවුල්ද;


ෂිලෝනිවරුන්ගෙන් කුලුඳුලාවූ අසායා සහ ඔහුගේ පුත්‍රයෝය.


යූදාගේ පුත්‍රයෝනම් ඒර් සහ ඕනාන්ය. ඒර් සහ ඕනාන් කානාන් දේශයේදී නැසුණෝය.


තමුන්ගේ පවුල්වල හැටියට යූදාගේ පුත්‍රයෝනම්: ෂේලාගෙන් පැවත ආ ෂේලා පවුලය. පෙරෙශ්ගෙන් පැවත ආ පෙරෙශ් පවුලය. ශෙරාගෙන් පැවත ආ ශෙරා පවුලය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්