ඒසව් තමාගේ පියා යාකොබ්ට කළ ආශීර්වාදය නිසා යාකොබ් කෙරේ වෛර බැන්දේය. මාගේ පියාණන් ගැන වැලපෙන දවස් ආසන්නය; එකල්හි මාගේ සහෝදරවූ යාකොබ් මරන්නෙමියි ඒසව් තමාගේ සිත තුළ කියාගත්තේය.
උත්පත්ති 37:18 - Sinhala Revised Old Version ඔව්හු දුරදීම ඔහු දැක ඔහු මරණ පිණිස ඔහු ළඟට එන්ට මත්තෙන් මන්ත්‍රණය කරගත්තෝය. Sinhala New Revised Version ඔහුගේ සහෝදරයෝ ඔහු දුර සිට දුටු හැටියේ ම, ඔවුන් වෙත එන්නටත් පෙර, ඔහු මරාදැමීමට කුමන්ත්‍රණය කළහ. Sinhala New Revised Version 2018 ඔහුගේ සහෝදරයෝ ඔහු දුර සිට දුටු හැටියේ ම, ඔවුන් වෙත එන්නටත් පෙර, ඔහු මරාදැමීමට කුමන්ත්‍රණය කළහ. |
ඒසව් තමාගේ පියා යාකොබ්ට කළ ආශීර්වාදය නිසා යාකොබ් කෙරේ වෛර බැන්දේය. මාගේ පියාණන් ගැන වැලපෙන දවස් ආසන්නය; එකල්හි මාගේ සහෝදරවූ යාකොබ් මරන්නෙමියි ඒසව් තමාගේ සිත තුළ කියාගත්තේය.
එවිට යෝසෙප්ගේ සහෝදරයෝ තමන්ගේ පියා නැසීගිය බව දැක: සමහරවිට යෝසෙප් අපට වෛරකොට අප විසින් ඔහුට කළ සියලු නපුරුකම් ගැන සම්පූර්ණ ලෙස අපෙන් පළිගන්නේයයි කීවෝය.
නුඹලා වනාහි මට නපුර කරන්ට අදහස්කළහුය; එහෙත් බොහෝ සෙනඟ දිවි සහිතව රක්ෂාකරන පිණිස අද තිබෙන ප්‍රකාර ඉෂ්ටකිරීමට දෙවියන්වහන්සේ ඒක යහපතට අදහස්කළසේක.
උන්වහන්සේගේ සෙනඟට වෛරකරන්ටත් උන්වහන්සේගේ මෙහෙකරුවන්ට ප්‍රයෝගකරන්ටත් ඔවුන්ගේ සිත් හැරෙවුසේක.
මක්නිසාද බොහෝ දෙනෙකුගේ කෙලසුම් බස් ඇසීමි, හාත්පස භීතිය ඇත්තේය. මට විරුද්ධව එක්ව මන්ත්‍රණයකරද්දී, ඔව්හු මාගේ ජීවිතය පැහැරගන්ට උපා යෙදුවෝය.
නුමුත් ගොවියෝ පුත්‍රයා දැක: මොහු උරුමක්කාරයාය; එන්න, මොහු මරා මොහුගේ උරුමය ගනිමුයයි ඔවුනොවුන් කථාකොට,
පහන්වූ කල සියලු නායක පූජකයොත් සෙනඟගේ වැඩි මහල්ලොත් යේසුස්වහන්සේ මරණයට පත්කරන පිණිස උන්වහන්සේට විරුද්ධව මන්ත්‍රණයකළෝය.
පාස්කුවද මුහුන් නොදැමූ රොටි කන මංගල්‍යයද දෙදවසකට පසු පැමිණෙන්ට තිබුණේය. නායක පූජකයෝද ලියන්නෝද උන්වහන්සේ ප්‍රයෝගයෙන් අල්ලා මරන්නේ කෙසේද කියා සොයමින් සිටියෝය.
පහන්වූ කල යුදෙව්වරු සමාගමක් වී පාවුල් මරන තුරු කන්නේවත් බොන්නේවත් නැත කියා දිවුරුමකින් බැඳුණෝය.