එවිට ආබ්‍රහම් දෙවියන්වහන්සේ ඔහුට කී ලෙස එම දවසෙහිම තමාගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ද තමාගේ ගෙයි උපන් සියල්ලන්ද තමා මිලදී ගත් සියල්ලන්ද යන ආබ්‍රහම්ගේ ගෙයි මිනිසුන් අතරෙන් සියලු පිරිමින් රැගෙන ඔවුන්ගේ චර්මාග්‍ර මාංසය ඡේද්‍යය කෙළේය.
උත්පත්ති 34:24 - Sinhala Revised Old Version හාමොර්ගේ නුවර දොරටුවෙන් පිටතට ගිය සියල්ලෝ ඔහුටත් ඔහුගේ පුත්‍රවූ ෂෙඛෙම්ටත් කන්දුන්නෝය; ඔහුගේ නුවර දොරටුවෙන් පිටතට ගිය සියලු පිරිමි චර්මඡේද්‍යය කරනු ලැබුවෝය. Sinhala New Revised Version වාසල් දොරටුවෙන් පිට වූ සියල්ලෝ ම හාමොර්ට සහ ඔහු පුත් ෂෙකෙම්ට ඇහුම්කන් දුන්හ. මෙලෙස වාසල් දොරටුවෙන් පිට වූ සියලු ම පිරිමි චර්මඡේදනය කරනු ලැබූ හ. Sinhala New Revised Version 2018 වාසල් දොරටුවෙන් පිට වූ සියල්ලෝ ම හාමොර්ට සහ ඔහු පුත් ෂෙකෙම්ට ඇහුම්කන් දුන්හ. මෙලෙස වාසල් දොරටුවෙන් පිට වූ සියලු ම පිරිමි චර්මඡේදනය කරනු ලැබූ හ. |
එවිට ආබ්‍රහම් දෙවියන්වහන්සේ ඔහුට කී ලෙස එම දවසෙහිම තමාගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ද තමාගේ ගෙයි උපන් සියල්ලන්ද තමා මිලදී ගත් සියල්ලන්ද යන ආබ්‍රහම්ගේ ගෙයි මිනිසුන් අතරෙන් සියලු පිරිමින් රැගෙන ඔවුන්ගේ චර්මාග්‍ර මාංසය ඡේද්‍යය කෙළේය.
එප්‍රොන් හෙත්ගේ පුත්‍රයන් අතරෙහි හිඳගෙන උන්නේය. එවිට හිත්තීයවූ එප්‍රොන් හෙත්ගේ පුත්‍රයන් එනම් තමන් නුවර දොරටුවෙන් ඇතුල් වෙන්නාවූ සියල්ලන් අසාගන සිටියදී ආබ්‍රහම්ට උත්තර දෙමින්:
ඔහුගේ නුවර දොරටුවෙන් ඇතුල්වුණාවූ සියල්ලන් ඉදිරියෙහි, ආබ්‍රහම්ට අයිතියක් වශයෙන් ස්ථිරකරන ලද්දේය.
ඔවුන්ගේ ගවයෝද ඔවුන්ගේ වස්තුවද ඔවුන්ගේ සියලු මෘගයෝද අපට අයිති නොවන්නෝද? ඔවුන්ගේ අභිප්‍රායට එකඟවමු, එවිට ඔව්හු අප සමඟ වාසය කරන්නෝයයි කීවෝය.
ශුද්ධ දේ බල්ලන්ට නොදෙන්න, නුඹලාගේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න, සමහරවිට උන් ඒවා පයින් පාගා හැරී නුඹලා ඉරාදමන්ට පුළුවන.