Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 23:10 - Sinhala Revised Old Version

10 එප්‍රොන් හෙත්ගේ පුත්‍රයන් අතරෙහි හිඳගෙන උන්නේය. එවිට හිත්තීයවූ එප්‍රොන් හෙත්ගේ පුත්‍රයන් එනම් තමන් නුවර දොරටුවෙන් ඇතුල් වෙන්නාවූ සියල්ලන් අසාගන සිටියදී ආබ්‍රහම්ට උත්තර දෙමින්:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 එප්‍රොන්, හිත්තීවරුන් මැද වාඩි වී සිටියේ ය. හිත්තීය ජාතික ඔහු හිත්තීවරුන්ට හා නුවර වාසල දොරටුව ළඟ සිටි සියල්ලන්ට ඇසෙන පරිදි, ආබ්‍රහම්ට කතා කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එප්‍රොන්, හිත්තීවරුන් මැද වාඩි වී සිටියේ ය. හිත්තීය ජාතික ඔහු හිත්තීවරුන්ට හා නුවර වාසල දොරටුව ළඟ සිටි සියල්ලන්ට ඇසෙන පරිදි, ආබ්‍රහම්ට කතා කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 23:10
11 හුවමාරු යොමු  

හාමොර්ගේ නුවර දොරටුවෙන් පිටතට ගිය සියල්ලෝ ඔහුටත් ඔහුගේ පුත්‍රවූ ෂෙඛෙම්ටත් කන්දුන්නෝය; ඔහුගේ නුවර දොරටුවෙන් පිටතට ගිය සියලු පිරිමි චර්මඡේද්‍යය කරනු ලැබුවෝය.


හාමොර්ද ඔහුගේ පුත්‍රවූ ෂෙඛෙම්ද තමුන්ගේ නුවර දොරටුව ළඟට අවුත් තමුන්ගේ නුවර වාසීන් සමඟ කථාකරමින්:


ඔහුගේ නුවර දොරටුවෙන් ඇතුල්වුණාවූ සියල්ලන් ඉදිරියෙහි, ආබ්‍රහම්ට අයිතියක් වශයෙන් ස්ථිරකරන ලද්දේය.


එකල උන්වහන්සේ ඔරුවකට නැගී එගොඩවී තමන්ගේම නුවරට පැමිණිසේක.


විනිශ්චය කිරීමට හිඳින්නාට විනිශ්චයේ ආත්මයක්ද දොරටුව ළඟදී සටන ආපසු හරවන්නන්ට බලයද වනසේක.


මා නුවර දොරටුව ළඟට නික්ම ගොස් එළිමහනෙහි මාගේ ආසනය තැබූ කල,


එවිට මෙහෙකරුතෙමේ ස්වාමියාගේ ඔටුවන්ගෙන් දසදෙනෙකු රැගෙන පිටත්ව ගියේය; ඔහුගේ ස්වාමියාගේ සියලු වස්තුව ඔහුගේ අත යටතෙහි වූයේය. ඔහු පිටත්වී මෙසොපොතාමියේ නාහොර්ගේ නුවරට ගියේය.


තමා සන්තකවූ මක්පේලායේ ගුහාව මට දෙන ලෙස මා වෙනුවෙන් ඔහුගෙන් ඉල්ලුව මැනවි; නුඹලා අතරෙහි මට හිමිවූ සොහොන්පළක් පිණිස එය වටින මිල ගණනට ඔහු මට දේවයි කීවේය.


දොරටුවේ සිටි මුළු සෙනඟද වැඩිමහල්ලෝද කථාකොට: අපි සාක්ෂිකාරයෝය. ස්වාමීන්වහන්සේ නුඹේ ගෙට එන මේ ස්ත්‍රිය ඉශ්‍රායෙල් වංශය ගොඩනැගූ රාඛෙල්ද ලෙයාද යන ස්ත්‍රීන් දෙදෙනා මෙන් කරනසේක්වා. නුඹ එප්‍රාතාහි සම්පත් උපදවා ගන්න, බෙත්-ලෙහෙමෙහි කීර්තිමත් වෙන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්