කොපමණ දායාද හා තෑගි මට නියමකළත් නුඹලා මට කියන ප්‍රකාරයට දෙන්නෙමි. කොහොම නුමුත් තරුණිය මට භාර්යාකොට දුනමැනවැයි කීවේය.
උත්පත්ති 34:13 - Sinhala Revised Old Version එවිට යාකොබ්ගේ පුත්‍රයෝ වනාහි ෂෙඛෙම් තමන්ගේ සහෝදරීවූ දීනාට අවනම්බු කළ නිසා ඔහුටත් ඔහුගේ පියවූ හාමොර්ටත් වංචාවෙන් උත්තරදෙමින්: Sinhala New Revised Version ෂෙකෙම්, ඔවුන්ගේ සහෝදරී වන දීනා දූෂණය කළ බැවින් ජාකොබ්ගේ පුත්‍රයෝ ද ෂෙකෙම් සහ ඔහුගේ පියා වන හාමොර්ට කපටි ලෙස උත්තර දුන්හ. Sinhala New Revised Version 2018 ෂෙකෙම්, ඔවුන්ගේ සහෝදරී වන දීනා දූෂණය කළ බැවින් ජාකොබ්ගේ පුත්‍රයෝ ද ෂෙකෙම් සහ ඔහුගේ පියා වන හාමොර්ට කපටි ලෙස උත්තර දුන්හ. |
කොපමණ දායාද හා තෑගි මට නියමකළත් නුඹලා මට කියන ප්‍රකාරයට දෙන්නෙමි. කොහොම නුමුත් තරුණිය මට භාර්යාකොට දුනමැනවැයි කීවේය.
අචර්මඡේදිත කෙනෙකුට අපේ සහෝදරිය දීම අපට නින්දාවක් බැවින් මේ කාරණය කරන්ට අපට නුපුළුවන.
නුඹලා දෙවියන්වහන්සේ උදෙසා අසාධාරණ ලෙස කථාකරනවාද? උන්වහන්සේ උදෙසා වංචාකාර ලෙස කථාකරනවාද?
ඔවුන් සෑම දෙන තමුන්ගේ අසල්වාසියා සමඟ නිෂ්ඵල දේ කථාකරති. ඔව්හු චාටු සහිත මුඛයෙන් හා දෙසිතින් කථාකෙරෙති.
එනම් ස්වාමීන්වහන්සේට විරුද්ධව අපරාධකිරීමත් බොරුකීමත් අපේ දෙවියන්වහන්සේ වෙතින් අහක්වයාමත් බලාත්කාරයද කැරළිගැසීමද ගැන කථාකිරීමත් බොරු වචන සිතෙන් උපදවා කථාකිරීමත්ය.
භක්තිවන්තයා දේශයෙන් නැතිවී ගියේය, මනුෂ්‍යයන් අතරේ අවංක කෙනෙක් නැත. ඔවුන් සියල්ලෝම ලේ වගුරුවන පිණිස රැක සිටිති; එක එකා තම තමාගේ සහෝදරයා දැලකින් අසුකරගන්ට යති.
ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩහරින්න. මක්නිසාද: පළිගැනීම මාගේය; මම විපාකදෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ.
කිසිවෙක් කාටවත් නපුරට නපුර නොකරන්ට බලාගෙන, එකිනෙකා ගැනත් සියල්ලන් ගැනත් නිතරම යහපත්වූ දේ කරන්න.
සම්සොන්ද: මා පිලිස්තිවරුන්ට අනදරයක් කරන විට මේ වතාවේ ඔවුන් අරබයා මම නිදොස්යයි ඔවුන්ට කීවේය.