Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 34:12 - Sinhala Revised Old Version

12 කොපමණ දායාද හා තෑගි මට නියමකළත් නුඹලා මට කියන ප්‍රකාරයට දෙන්නෙමි. කොහොම නුමුත් තරුණිය මට භාර්යාකොට දුනමැනවැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 තරුණිය මට භාර්යාව කොට දෙන්නහු නම්, ඉතා විශාල දායාදයක් හා තෑගි බෝග මාගෙන් ඉල්ලන්න, ඔබ මාගෙන් ඉල්ලන ඕනෑ ම දෙයක් මම ඔබට දෙන්නෙමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 තරුණිය මට භාර්යාව කොට දෙන්නහු නම්, ඉතා විශාල දායාදයක් හා තෑගි බෝග මාගෙන් ඉල්ලන්න, ඔබ මාගෙන් ඉල්ලන ඕනෑ ම දෙයක් මම ඔබට දෙන්නෙමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 34:12
13 හුවමාරු යොමු  

ඔව්හුද: අපට මෙහි තිබෙන්නේ රොටි පහකුත් මසුන් දෙදෙනෙකුත් පමණක්යයි උන්වහන්සේට කීවෝය.


තවද දාවිත් සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත් වෙතට පණිවිඩකාරයන් යවා: පිලිස්තිවරුන් සියදෙනෙකුගේ චර්මාග්‍රදී ලබාගත් මාගේ භාර්යාවවූ මීඛල් මට දෙන්නැයි කියන්ට කීවේය.


මෙසේ පසුවුණෙමි. මේ විසි අවුරුද්ද නුඹේ ගෙයි සිටියෙමි; නුඹේ දූවරුන් දෙදෙනා උදෙසා දස සතර අවුරුද්දක්ද නුඹේ රැළ උදෙසා සාවුරුද්දක්ද මෙහෙකෙළෙමි. නුඹ මාගේ කුලිය දස වරක් වෙනස්කෙළෙහිය.


යාකොබ් රාඛෙල්ට ආදරේවූයේය. ඔහු කථාකොට: නුඹේ බාල දියණියවූ රාඛෙල් උදෙසා සත් අවුරුද්දක් නුඹට වැඩකරන්නෙමියි කීය.


මෙහෙකරුවා රිදී ආභරණද රන් ආභරණද වස්ත්‍රද ගෙනවුත් රෙබෙකාට දුන්නේය. තවද ඔහු ඇගේ සහෝදරයාටත් මවුටත් අනර්ඝ දේවල් දුන්නේය.


මමද රිදී පහළොහකටත් යව හෝමෙර් එකහමාරකටත් ඈ මිලයට ගෙන:


ෂෙඛෙම්ද දීනාගේ පියාට හා සහෝදරයන්ටත් කථාකොට: නුඹලාගෙන් මට කරුණාව ලැබේවා, නුඹලා මට කියන දේ දෙන්නෙමි.


එවිට යාකොබ්ගේ පුත්‍රයෝ වනාහි ෂෙඛෙම් තමන්ගේ සහෝදරීවූ දීනාට අවනම්බු කළ නිසා ඔහුටත් ඔහුගේ පියවූ හාමොර්ටත් වංචාවෙන් උත්තරදෙමින්:


සාවුල්ගේ සේවකයෝ දාවිත්ට ඒ වචන කීවෝය. දාවිත් කථාකොට: මම නම් දිළිඳුවූ සුළුවූ කෙනෙක්මි. ඉතින් රජ්ජුරුවන්ගේ බෑනා වීම සුළු දෙයක්මෙන් නුඹලාට පෙනේදැයි කීවේය.


උගේ අයිතිකාරයා ළඟ සිටියොත් එලෙස ගෙවන්ට ඕනෑ නැත. ඌ කුලියට ගත් එකෙක් නම් ඌ උගේ කුලියට ආයේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්