ඔහු දෙවෙනියාටත් තුන්වෙනියාටත් රංචු පස්සේ යන සියල්ලන්ටත් අණකරමින්: ඒසව් සම්බවූ කල නුඹලා එයාකාරයෙන් ඔහුට කථාකර–
උත්පත්ති 32:20 - Sinhala Revised Old Version ඔබගේ මෙහෙකරුවූ යාකොබ් අප පස්සෙන් එන්නේය කියා කියන්නැයි කීවේය. මක්නිසාද: මට පෙරටුව යවන තෑග්ගෙන් ඔහු සමගිකරගෙන පසුව ඔහුගේ මුහුණ බලන්නෙමි; සමහරවිට ඔහු මා පිළිගන්නවා ඇතැයි ඔහු කීවේය. Sinhala New Revised Version ඇරත්, ‘ඔබේ සේවක ජාකොබ් අපට පිටුපසින් එන්නේ ය’ කියා ද පවසන්නැ”යි කීවේ ය. මන්ද, ‘මට පෙරටුව යවන තෑග්ගෙන් ඔහුගේ සිත දිනාගත් පසු මට ඔහු මුණගැසෙන්න හැකි වනු ඇතැ යි ද, එවිට, ඔහු මා පිළිගන්නේ ය’යි ද ඔහු සිතී ය. Sinhala New Revised Version 2018 ඇරත්, ‘ඔබේ සේවක ජාකොබ් අපට පිටුපසින් එන්නේ ය’ කියා ද පවසන්නැ”යි කීවේ ය. මන්ද, ‘මට පෙරටුව යවන තෑග්ගෙන් ඔහුගේ සිත දිනාගත් පසු මට ඔහු මුණගැසෙන්න හැකි වනු ඇතැ යි ද, එවිට, ඔහු මා පිළිගන්නේ ය’යි ද ඔහු සිතී ය. |
ඔහු දෙවෙනියාටත් තුන්වෙනියාටත් රංචු පස්සේ යන සියල්ලන්ටත් අණකරමින්: ඒසව් සම්බවූ කල නුඹලා එයාකාරයෙන් ඔහුට කථාකර–
ඔවුන්ගේ පියවූ ඉශ්‍රායෙල්ද: එසේ විය යුතුම නම් මේක කරන්න; මේ දේශයේ අනර්ඝ දේ වන ගුගුල් ටිකක්ද මීපැණි ටිකක්ද සුගන්ධ ද්‍රව්‍යද සුවඳලාටුද පිස්ටැසියා ඇටද කොට්ටම්බාද නුඹලාගේ භාජනවල දමා ඒ මනුෂ්‍යයාට තෑග්ගක් පිණිස ගෙනයන්න.
එවිට ඔහුගේ සේවකයෝ ඔහුට කථාකොට: ඉශ්‍රායෙල් වංශයේ රජවරුන් කරුණාවන්ත රජවරුන් බව අප විසින් අසා තිබේ. ඉතින් අපේ කටිවල ගෝණි රෙදි බැඳගෙන, හිස් පිට ලනු දමාගන, ඉශ්‍රායෙල් රජු ළඟට අපට යන්ට දෙනු මැනවි. සමහරවිට ඔහු ඔබගේ ප්‍රාණය ආරක්ෂාකරනවා ඇතැයි කීවෝය.
අප විනාශ නොවන ලෙස සමහරවිට දෙවියන්වහන්සේ හැරී, තැවී, තමන්ගේ බලවත් උදහසෙන් නොහැරෙනසේක්ද කියා දන්නේ කවුදැයි නිනිවයෙහි ප්‍රකාශකරන ලද්දේය.
විරුද්ධව සිටින්නන් විසින් සැබෑව දැනගන්නා පිණිසද, යක්ෂයා තමාගේ කැමැත්ත කිරීමට අසුකරගත් ඔවුන් මත්කමෙන් පිබිද,
එබැවින් නුඹලාගේ ගඩුවල රූපද රට නාස්තිකරන නුඹලාගේ මීයන් සමාන රූපද සාදා ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේට ගෞරව දෙන්න. සමහරවිට උන්වහන්සේ ස්වකීය හස්තය නුඹලා කෙරෙන්ද නුඹලාගේ දෙවිවරුන් කෙරෙන්ද නුඹලාගේ දේශය කෙරෙන්ද අහක්කරගන්නවා ඇත.