Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 6:5 - Sinhala Revised Old Version

5 එබැවින් නුඹලාගේ ගඩුවල රූපද රට නාස්තිකරන නුඹලාගේ මීයන් සමාන රූපද සාදා ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේට ගෞරව දෙන්න. සමහරවිට උන්වහන්සේ ස්වකීය හස්තය නුඹලා කෙරෙන්ද නුඹලාගේ දෙවිවරුන් කෙරෙන්ද නුඹලාගේ දේශය කෙරෙන්ද අහක්කරගන්නවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 එබැවින් ගඩු රූප ද රට නාස්ති කරන මී රූප ද සාදා ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට ගෞරව දෙන්න. එසේ කළොත්, සමහර විට උන් වහන්සේ ස්වකීය බාහු බලයන් ඔබ කෙරෙන් ද ඔබේ දෙවිවරුන් කෙරෙන් ද ඔබේ දේශය කෙරෙන් ද ඉවත් කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 එබැවින් ගඩු රූප ද රට නාස්ති කරන මී රූප ද සාදා ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට ගෞරව දෙන්න. එසේ කළොත්, සමහර විට උන් වහන්සේ ස්වකීය බාහු බලයන් ඔබ කෙරෙන් ද ඔබේ දෙවිවරුන් කෙරෙන් ද ඔබේ දේශය කෙරෙන් ද ඉවත් කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 6:5
30 හුවමාරු යොමු  

යෝෂුවා ආකාන්ට කථාකොට: මාගේ පුත්‍රය, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගෞරව දී, උන්වහන්සේට ඇත්ත කියා, නුඹ කළ දේ මාගෙන් නොසඟවා මට දන්වන්නැයි කීවේය.


එබැවින් ඔව්හු පණිවිඩ යවා පිලිස්තිවරුන්ගේ සියලු අධිපතීන් රැස්කර: ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය අප හා අපේ සෙනඟ නාස්තිනොකරන පිණිස එය ස්වකීය ස්ථානයට හැරී යන්ට යවන්නැයි කීවෝය. මක්නිසාද නුවර මුළුල්ලෙහි මරණීය කැලඹීමක් හටගත්තේය; දෙවියන්වහන්සේගේ හස්තය එහි ඉතා බරව තිබුණේය.


එවිට ඔව්හු අන්ධව සිටි මනුෂ්‍යයා දෙවෙනි වර කැඳවා: දෙවියන්වහන්සේට ගෞරව දෙන්න. මේ මනුෂ්‍යයා පව්කාරයෙක් බව අපි දනිමුයයි ඔහුට කීවෝය.


ඔව්හු ස්වාමීන්වහන්සේට ගෞරවය දී, උන්වහන්සේගේ ප්‍රශංසාව දිවයින්වල ප්‍රකාශකෙරෙත්වා.


උන්වහන්සේ අන්ධකාරකරන්ට පළමුවෙන්ද නුඹලාගේ පාද අඳුරු කඳුවල පැකිලෙන්ටත් නුඹලා එළිය ගැන බලා සිටිද්දී උන්වහන්සේ එය මරණයේ සෙවණට හරවා කළුවරකරන්ටත් පළමුවෙන්ද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගෞරව දෙන්න.


මක්නිසාද දිවා රාත්‍රි දෙක්හිම ඔබගේ හස්තය මා පිට බරවිය. මාගේ ඕජස් ගතිය ග්‍රීෂ්ම කාලයේ වියළීම මෙන් විය.


තවද ඔවුන් ඒක ගෙනගිය පසු ස්වාමීන්වහන්සේගේ හස්තය ඒ නුවර පිටට ඉතා මහත් කැලඹීමක් ඇතුව පැමුණුණේය. උන්වහන්සේ නුවර වැසි ලොකු කුඩා සියල්ලන්ට පහරදුන්සේක, ගඩුද ඔවුන් පිට හටගත්තේය.


මහත් උෂ්ණයකින් මනුෂ්‍යයෝ දවනු ලැබ, මේ පීඩා කෙරෙහි බලය ඇති දෙවියන්වහන්සේගේ නාමයට අපහාසකළෝය; උන්වහන්සේට ගෞරවය දෙන ලෙස ඔව්හු පශ්චාත්තාපනූණෝය.


ඔහු මහත් ශබ්දයකින් කථාකරමින්: දෙවියන්වහන්සේට භයවී, උන්වහන්සේට ගෞරව දෙන්න; මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමුණුණේය. අහසත් පොළොවත් මුහුදත් ජල උල්පතුත් මැවූ තැනන්වහන්සේට නමස්කාරකරන්නැයි කීය.


එම පැයේදීම මහත් භූමිකම්පාවක් වී, නුවරින් දසයෙන් කොටසක් වැටුණෝය; භූමිකම්පාවෙන් මනුෂ්‍යයන් සත්දහසක් මැරුණෝය. ඉතිරි අය භයපත්ව, ස්වර්ගයේ දෙවියන්වහන්සේට ගෞරව දුන්නෝය.


මාගේ නාමයට ගෞරවදෙන හැටියට නුඹලා අසා සිතට නොගන්නහුනම් මම නුඹලා අතරට ශාපය එවා, නුඹලාගේ ආශීර්වාදවලට ශාපකරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එසේය, නුඹලා සිතට නොගන්න නිසා මම ඒවාට ශාපම කෙළෙමි.


මා විසින් නුඹලා අතරට එවුවාවූ මාගේ මහත් සමුදාව වන පළඟැටියන්ද කෙඳි-පළඟැටියන්ද කපන-පළඟැටියන්ද පළඟැටි පණුවන්ද නාස්තිකළාවූ අවුරුදු මම නුඹලාට නැවත දෙන්නෙමි.


නුඹේ අයුතුකම පමණක් දැනගන්න, මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව නුඹ කැරළිගසා, එහා මෙහා සියලු අමුගස් යට අන්‍යයන් ළඟට ගියෙහිය, මාගේ හඬට අකීකරුවුණෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මිසරය ගැන දිව්‍ය ප්‍රකාශනයය. බලව, ස්වාමීන්වහන්සේ ශීඝ්‍ර වලාකුළක් පිට නැගී මිසරයට එනසේක. මිසරයේ පිළිම උන්වහන්සේ ඉදිරියෙහි චංචලවන්නෝය, මිසරවරුන්ගේ සිත්ද ඔවුන් තුළ දියවෙනවා ඇත.


ඔබගේ ක්‍රියා කොපමණ භයංකරද! ඔබගේ බලයේ මහත්කම නිසා ඔබගේ සතුරෝ ඔබට යටත්වන්නෝය.


ඔබගේ පහර මා කෙරෙන් ඉවත්කළ මැනව. ඔබගේ අත් පහරෙන් මම ක්ෂයවීමි.


ඔව්හු මා ගැන ඇසූ කෙණෙහිම මට කීකරුවන්නාහුය. විදේශීහු මට යටත්වන්නාහුය.


එසේ ආවේ මිසරවරුන් ස්වාමීන්වහන්සේ විසින් ඔවුන් අතරෙහි පහරදෙනලද්දවුන් වන සියලුම කුලුඳුලන් ඔවුන් විසින් තැන්පත්කරද්දීය. ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ දෙවිවරුන් කෙරෙහිත් විනිශ්චයන් ඉෂ්ටකළසේක.


මක්නිසාද ඒ රාත්‍රියේදී මිසර දේශය මැදින් යන්නෙමි, මිසර දේශයෙහි මනුෂ්‍යයන්ගේද සිව්පාවුන්ගේද සියලු කුලුඳුලන්ට පහරදෙන්නෙමි; මිසරයේ සියලු දෙවිවරුන්ට විරුද්ධව විනිශ්චයයන් ඉෂ්ටකරන්නෙමි. මම ස්වාමීන්වහන්සේය.


ස්වාමීන්වහන්සේ එසේ කළසේක; භයානක මැසි රංචු ඵාරාවෝගේ ගෙටත් ඔහුගේ සේවකයන්ගේ ගෙවලටත් ආවෝය. මුළු මිසර දේශය මැසි රංචු නිසා නාස්තිවිය.


ඔව්හු එසේ කළෝය; ආරොන් තමාගේ සැරයටිය රැගෙන අත දිගුකොට පොළොවේ දූවිල්ලට ගැසුවේය, එවිට මනුෂ්‍යයන්ද මෘගයන්ද පිට කිනිතුල්ලෝ වූවෝය; පොළොවේ දූවිලි සියල්ල මිසර දේශය මුළුල්ලෙහි කිනිතුල්ලෝ විය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹේ සැරයටිය ගෙන මිසර දේශය පිට මැඩියන් පමුණුවන පිණිස ගංගා කෙරෙහිද ඇළ දොළවල් කෙරෙහිද පොකුණු කෙරෙහිද නුඹේ අත දිගුකරවන්නැයි ආරොන්ට කියන්නැයි කීසේක.


ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය රැගෙන ගැළ පිට තබා, අපරාධ පූජාවක් පිණිස උන්වහන්සේට දෙන රන් බඩු එහි පැත්තක කුඩා කරඬුවක තබා ඒක යන්ට හැර,


ජනයෙනි, ස්වාමීන්වහන්සේට දෙව්, ගෞරවයද බලයද ස්වාමීන්වහන්සේට දෙව්.


ස්වාමීන්වහන්සේගේ නාමයට අයිති ගෞරවය දෙව්. පඬුරක් රැගෙන උන්වහන්සේ ඉදිරියට එව්. ශුද්ධවූ අලංකාරය ඇතුව ස්වාමීන්ට නමස්කාරකරව්.


අප විනාශ නොවන ලෙස සමහරවිට දෙවියන්වහන්සේ හැරී, තැවී, තමන්ගේ බලවත් උදහසෙන් නොහැරෙනසේක්ද කියා දන්නේ කවුදැයි නිනිවයෙහි ප්‍රකාශකරන ලද්දේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්