උත්පත්ති 31:34 - Sinhala Revised Old Version රාඛෙල් ඒ දේවතා රූප රැගෙන ඔටු ඇඳුම් යට තබා ඒවා උඩ හිඳගෙන උන්නීය. ලාබන් මුළු කූඩාරම අතගා බැලූ නුමුත් ඒවා සම්බනොවීය. Sinhala New Revised Version ඈ ඒ දේවතා රූප රැගෙන ඔටුවාගේ සෑදලයේ දමා, ඒවා උඩ හිඳගෙන උන්නා ය. ලාබන් ද කූඩාරම තුළ සෙවූ නමුත්, ඒවා ඔහුට සම්බ නොවී ය. Sinhala New Revised Version 2018 ඈ ඒ දේවතා රූප රැගෙන ඔටුවාගේ සෑදලයේ දමා, ඒවා උඩ හිඳගෙන උන්නා ය. ලාබන් ද කූඩාරම තුළ සෙවූ නමුත්, ඒවා ඔහුට සම්බ නොවී ය. |
එකල ලාබන් බැටළුවන්ගේ ලෝම කපන පිණිස ගොස් සිටියේය. රාඛෙල් ඇගේ පියාට අයිති දේවතා රූප සොරකම්කරගත්තාය.
එවිට ලාබන් යාකොබ්ගේ කූඩාරමටත් ලෙයාගේ කූඩාරමටත් දාසීන් දෙදෙනාගේ කූඩාරමටත් ඇතුල්වී සෙවූ නමුත් ඒවා සම්බනූණේය. ඔහු ලෙයාගේ කූඩාරමෙන් ගොස් රාඛෙල්ගේ කූඩාරමට ඇතුල් විය.
ඈ පියාට කථාකොට: ඔබ ඉදිරියෙහි මට නැගිටින්ට බැරි නිසා මාගේ ස්වාමියා කෝපනොවේවා; මක්නිසාද ස්ත්‍රීන්ගේ නියමය මට සිදුවී තිබේයයි කීවාය. මෙසේ ඔහු සෙවූ නුමුත් ඒ රූප සම්බනොවීය.
මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ බොහෝ දවස් රජෙක්වත් අධිපතියෙක්වත් පූජාවක්වත් රූපස්තම්භයක්වත් පූජක සැට්ටයක්වත් තෙරඵීම් රූපවත් නැතුව සිටින්නෝය.
ඔහු උත්තරදෙමින්: මා සෑදූ මාගේ දේවතාවන් සහ පූජකයාද නුඹලා ගෙනගියහුය, තවත් මට ඇත්තේ කිමෙක්ද? නුඹට වෙලා තිබෙන්නේ මොකද කියා නුඹලා මාගෙන් අසන්නේ කොහොමදැයි කීවේය.
මක්නිසාද කැරළිකාරකම පේනකීමේ පාපයටත් මුරණ්ඩුකම දේවතාවන් හා රූප ඇදහීමටත් සමානය. නුඹ ස්වාමීන්වහන්සේගේ වචනය පහකළ නිසා උන්වහන්සේත් නුඹ රජකමෙන් පහකළසේකැයි කීවේය.