ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 28:9 - Sinhala Revised Old Version

ඉෂ්මායෙල් වෙතට ගොස් තමාට සිටිය භාර්යාවන් ඇතුළුව ආබ්‍රහම්ගේ පුත් ඉෂ්මායෙල්ගේ දූවූ, නෙබායොත්ගේ සහෝදරීවූ මහලත් භාර්යාව වන පිණිස පාවාගත්තේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහු ඉෂ්මායෙල් වෙත ගොස්, තමාට සිටි භාර්යාවන්ට අමතර ව, ආබ්‍රහම් පුත් ඉෂ්මායෙල්ගේ දුව වන නෙබායොත්ගේ සහෝදරී මහලත් ද, තම භාර්යාව වශයෙන් සරණ පාවාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහු ඉෂ්මායෙල් වෙත ගොස්, තමාට සිටි භාර්යාවන්ට අමතර ව, ආබ්‍රහම් පුත් ඉෂ්මායෙල්ගේ දුව වන නෙබායොත්ගේ සහෝදරී මහලත් ද, තම භාර්යාව වශයෙන් සරණ පාවාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 28:9
6 හුවමාරු යොමු  

ඒසව් සතළිස් අවුරුදු වයස්වූ කල හිත්තීය බෙයේරීගේ දූවූ යූදිත් හා හිත්තීය ඒලොන්ගේ දූවූ බසෙමත්ද භාර්යාවන් කොට පාවාගත්තේය.


රෙවුයෙල්ගේ පුත්‍රයෝ නහත්, සෙරා, ෂම්මා සහ මිස්සාය. ඒසව්ගේ භාර්යාවවූ බාසෙමත්ගේ පුත්‍රයෝ මොව්හුය.


ඒසව්ගේ භාර්යාවවූ ඔහොලිබාමාගේ පුත්‍රයෝ නම් අධිපතිවූ යෙවූෂ්, අධිපතිවූ යලාම් සහ අධිපතිවූ කොරාය. මොව්හු අනාගේ දූවූ ඒසව්ගේ භාර්යාවවූ ඔහොලිබාමාගෙන් පැවත ආ අධිපතියෝය.


ඒසව් කානාන්හි දූවරුන්ගෙන් හිත්තීය එලොන්ගේ දූවූ ආදාද හිවීය ශිබෙයොන්ගේ දූවූ අනාගේ දූවූ ඔහොලිබාමාද


නෙබායොත්ගේ සහෝදරීවූ ඉෂ්මායෙල්ගේ දූවූ බාසෙමත්ද භාර්යාවන් කොට පාවාගත්තේය.