ඊසාක් පදන්-ආරාමේ සිරිය බෙතුයෙල්ගේ දූවූ සිරිය ලාබන්ගේ සහෝදරීවූ රෙබෙකා තම භාර්යාව කොට පාවාගත් කල්හි හතලිස් අවුරුදු වයස් විය.
උත්පත්ති 28:7 - Sinhala Revised Old Version යාකොබ් තමාගේ පියාටත් මවුටත් කීකරුව පදන්-අරාමට ගිය බවද ඒසව් දුටුවේය. Sinhala New Revised Version ජාකොබ්, පියාට හා මවට කීකරු ව මෙසොපොතේමියාවට ගිය බව ද ඒසව් දිටී ය. Sinhala New Revised Version 2018 ජාකොබ්, පියාට හා මවට කීකරු ව මෙසොපොතේමියාවට ගිය බව ද ඒසව් දිටී ය. |
ඊසාක් පදන්-ආරාමේ සිරිය බෙතුයෙල්ගේ දූවූ සිරිය ලාබන්ගේ සහෝදරීවූ රෙබෙකා තම භාර්යාව කොට පාවාගත් කල්හි හතලිස් අවුරුදු වයස් විය.
එහෙයින් මාගේ පුත්‍රය, නුඹ මාගේ හඬට ඇහුම්කන්දී පිටත්ව මාගේ සහෝදරවූ ලාබන් වෙතට හාරාන්ට පලායන්න;
ඊසාක් යාකොබ්ට ආශීර්වාදකොට පදන්-අරාමෙන් ඔහුට භාර්යාවකු පාවාගන්නා පිණිස ඔහු එහි යැවූ බවද, ඔහුට ආශීර්වාදකරද්දී: නුඹ කානාන්හි දූවරුන්ගෙන් භාර්යාවකු පාවානොගන්නැයි අණකළ බවද,
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝ වන පිණිස නුඹේ පියාටත් නුඹේ මවුටත් ගෞරවකරව.
පියාට නින්දාකරන්නාවූ, මවුට කීකරුවීම සුළුකරන්නාවූ ඇස දෙණියේ කපුටුවෝ උගුලාගන්නෝය, රාජාලි පැටව්ද ඒක කන්නෝය.
නුඹලා එකිනෙකා තමතමාගේ මවුටද පියාටද භයවිය යුතුය, මාගේ සබත් රක්ෂාකළ යුතුය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
දරුවෙනි, නුඹලාගේ දෙමවුපියන්ට ස්වාමීන්වහන්සේ තුළ කීකරුවෙන්න. මක්නිසාද එසේ කරන්ට යුතුය.
දරුවෙනි, සියලු කාරණාවලදී මවුපියන්ට කීකරුවෙන්න, මක්නිසාද ඒක ස්වාමීන්වහන්සේට ප්‍රසන්නය.