ප්‍රථමයා රතුව සහමුලින්ම රෝම වස්ත්‍රයක් මෙන් රෝමවලින් වැසී බිහිවිය; ඔහුට ඒසව් යන නාමය තැබුවෝය.
උත්පත්ති 27:19 - Sinhala Revised Old Version යාකොබ්ද: මම ඔබගේ කුලුඳුල් පුත්‍රවූ ඒසව්ය; ඔබ මට අණකළ ලෙස කෙළෙමි. ඔබගේ ආත්මය මට ආශීර්වාදකරන පිණිස නැගිට හිඳ මාගේ මුව මස් කැව මැනවියි තමාගේ පියාට කීවේය. Sinhala New Revised Version එවිට සිය පියාට ජාකොබ් උත්තර දෙමින්, “මම ඔබේ කුලුඳුල් පුත් ඒසව් ය. ඔබ කී පරිදි මම ඉටු කෙළෙමි. කරුණාකර, නැඟිට, වාඩි වී, මාගේ මුව මස් අනුභව කරන්න. එවිට මට ආශීර්වාද කරන්න ඔබට පුළුවනැ”යි කී ය. Sinhala New Revised Version 2018 එවිට සිය පියාට ජාකොබ් උත්තර දෙමින්, “මම ඔබේ කුලුඳුල් පුත් ඒසව් ය. ඔබ කී පරිදි මම ඉටු කෙළෙමි. කරුණාකර, නැඟිට, වාඩි වී, මාගේ මුව මස් අනුභව කරන්න. එවිට මට ආශීර්වාද කරන්න ඔබට පුළුවනැ”යි කී ය. |
ප්‍රථමයා රතුව සහමුලින්ම රෝම වස්ත්‍රයක් මෙන් රෝමවලින් වැසී බිහිවිය; ඔහුට ඒසව් යන නාමය තැබුවෝය.
ඊසාක් ඒසව්ට ආදරේ වුණේය, මක්නිසාද ඔහු ඒසව්ගේ මුව මස් කෑයේය. එහෙත් රෙබෙකා යාකොබ්ට ආදරේ වුණාය.
ඔහු තමාගේ පියා වෙතට අවුත්: මාගේ පියාණෙනියි කීය. ඔහු: මම මෙහිය; මාගේ පුත්‍රය, නුඹ කවුදැයි ඇසීය.
තවද ඊසාක්: මාගේ පුත්‍රය, නුඹ මාගේ පුත්‍රවූ ඒසව්මද නැද්ද කියා නුඹ අතගා බලන්ට මා ළඟට එන්නැයි යාකොබ්ට කීවේය.
ඔහුත් රසවත් ආහාර සාදා තමාගේ පියා වෙතට ගෙනැවිත්: ඔබගේ ආත්මය මට ආශීර්වාදකරන පිණිස මාගේ පියාණන් නැගිට තමන් පුත්‍රයාගේ මුව මස් කැව මැනවයි තම පියාට කීය.
මට රුචිවූ රසවත් කෑම සාදන්න; මා එයින් කා, මැරෙන්ට ප්‍රථමයෙන් මාගේ ආත්මය නුඹට ආශීර්වාදකරන පිණිස ඒක මා ළඟට ගෙනෙන්නැයි කීය.
එවිට මම එතැනින් නුඹ ගෙන්වාගන්නෙමි. එක දවසේ නුඹලා දෙදෙනාම මට නැතිවෙන්නේ මක්නිසාදැයි කීවාය.
එවිට ඔහු: මමත් නුඹ වාගේම අනාගතවක්තෘ කෙනෙක්මි; දේවදූතයෙක් ස්වාමීන්වහන්සේගේ වචනයෙන් මට කථාකොට–ඔහු කෑම කන පිණිසත් වතුර බොන පිණිසත් නුඹේ ගෙදරට කැඳවාගන එන්න කියා කීයේයයි ඔහුට කීවේය. ඔහු ඔහුට කීවේ බොරුය.
යෙරොබොවම් තමාගේ භාර්යාවට කථාකොට: නුඹ යෙරොබොවම්ගේ භාර්යාව බව නොදැනෙන හැටියට වෙස්වලා පිටත්වී ෂීලෝට යන්න; මා මේ සෙනඟ කෙරෙහි රජ වන්නේයයි මා ගැන කීවාවූ අහියා අනාගතවක්තෘ එහි සිටියි.
අපි මරණය සමඟ ගිවිසුමක් කොට පාතාලය සමඟ පොරොන්දුවකට බැඳී සිටිමුව; ගලාඑන විපත පැමිණෙන විට එය අප වෙතට නොඑන්නේය; මක්නිසාද අපි බොරුව අපේ රක්ෂාස්ථානය කරගන වංචාකමෙහි සැඟවී සිටිමුයයි නුඹලා කීවහුය.