Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 27:18 - Sinhala Revised Old Version

18 ඔහු තමාගේ පියා වෙතට අවුත්: මාගේ පියාණෙනියි කීය. ඔහු: මම මෙහිය; මාගේ පුත්‍රය, නුඹ කවුදැයි ඇසීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ඔහු ද පියා වෙත පැමිණ, “තාත්තේ” කියා ඇමතී ය. පියා ද, “ඇයි පුතා, උඹ කවරෙක් දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ඔහු ද පියා වෙත පැමිණ, “තාත්තේ” කියා ඇමතී ය. පියා ද, “ඇයි පුතා, උඹ කවරෙක් දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 27:18
5 හුවමාරු යොමු  

තවද ඈ පිළියෙළකළ රසවත් කෑමද රොටිද ඇගේ පුත්‍රවූ යාකොබ් අතට දුන්නාය.


යාකොබ්ද: මම ඔබගේ කුලුඳුල් පුත්‍රවූ ඒසව්ය; ඔබ මට අණකළ ලෙස කෙළෙමි. ඔබගේ ආත්මය මට ආශීර්වාදකරන පිණිස නැගිට හිඳ මාගේ මුව මස් කැව මැනවියි තමාගේ පියාට කීවේය.


එවිට ඔහුගේ පියවූ ඊසාක්: නුඹ කවරෙක්දැයි ඔහුට කීය. මම ඔබගේ කුලුඳුල් පුත්‍රවූ ඒසව්යයි ඔහු කීය.


ඉශ්‍රායෙල් යෝසෙප්ට කථාකොට: නුඹේ සහෝදරයෝ ෂෙඛෙම්හි රැළ කවන්නාහු නොවෙද්ද? එන්න, නුඹ ඔවුන් ළඟට හරින්නෙමියි කීවේය.


එවිට නුඹ යාච්ඤාකරන්නෙහිය, ස්වාමීන්වහන්සේ උත්තරදෙනසේක; නුඹ මොරගසන කල්හි: මම මෙහියයි උන්වහන්සේ කියනසේක. නුඹ වියගහද ඇඟිල්ල දික්කිරීමද දුෂ්ටලෙස කථා කිරීමද නුඹ වෙතින් පහකරන්නෙහි නම්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්