ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 24:33 - Sinhala Revised Old Version

කන පිණිස ඔහු ඉදිරියෙහි කෑමද තබනලද්දේය. එහෙත් ඔහු: මාගේ කාරණය කියනතුරු නොකන්නෙමියි කීය. ඔහුද: කියන්නැයි කීය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පසුව ඔහු ඉදිරියෙහි කෑමට ආහාර තබන ලදී. එහෙත්, මෙහෙකරුවා කතා කොට, “ආහාර වළඳන්නට පළමුවෙන් මා ආ කාරිය කියන්න ඕනෑ ය”යි දැන්වී ය. ලාබන් ද, “එය කියන්නැ”යි පිළිතුරු දුනි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පසුව ඔහු ඉදිරියෙහි කෑමට ආහාර තබන ලදී. එහෙත්, මෙහෙකරුවා කතා කොට, “ආහාර වළඳන්නට පළමුවෙන් මා ආ කාරිය කියන්න ඕනෑ ය”යි දැන්වී ය. ලාබන් ද, “එය කියන්නැ”යි පිළිතුරු දුනි.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 24:33
11 හුවමාරු යොමු  

ඒ මනුෂ්‍යයා ගෙට ඇතුල්ව ඔටුවන්ගේ පටි මිදුවේය; ලාබන් ඔටුවන්ට පිදුරුත් ගෝචරත් ඔහුගේ පාදද ඔහු සමඟ සිටිය මනුෂ්‍යයන්ගේ පාදද සෝදන්ට වතුරත් දුන්නේය.


එවිට ඔහු: මම ආබ්‍රහම්ගේ මෙහෙකරු වෙමි.


උන්වහන්සේගේ තොල්වල ආඥාවෙන් අහක්ව නොගොස්, මාගේ වුවමනා ආහාරයට වඩා උන්වහන්සේගේ මුඛයේ වචන අගේකොට තබාගතිමි.


තමාගේ වැඩෙහි දක්ෂවූ මනුෂ්‍යයෙකු දකින්නෙහිද? ඔහු පහත් අය ඉදිරියෙහි නොව රජුන් ඉදිරියෙහි සිටින්නේය.


කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.


නුමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නුමුත් කිසිකලෙක පිපාසා නොවන්නේය; මා ඔහුට දෙන වතුර ඔහු තුළෙහි සදාකාල ජීවනය නික්මවන්නාවූ වතුර උල්පතක් වන්නේයයි කීසේක.


ඇදහිලිවන්ත ස්වාමිවරුන් ඇත්තෝ වනාහි, ස්වාමිවරු සහෝදරයන් නිසා ඔවුන් සුළු නොකර, ප්‍රයෝජන ලබන්නෝ ඇදහිලිවන්තයන්ද ප්‍රේමවන්තයන්ද වන බැවින්, වඩා සතුටින් ඔවුන්ට වැඩකරත්වා. මේ කාරණා උගන්වා අවවාදකරන්න.


එවිට ඔහු තමාගේ ගෙදරට ඔවුන් කැඳවාගන ගොස් කොටළුවන්ට ගෝචර දුන්නේය. ඔව්හු තමුන්ගේ පාද සෝදාගෙන කෑවෝය, බීවෝය.