Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 19:21 - Sinhala Revised Old Version

21 එවිට ඔහු තමාගේ ගෙදරට ඔවුන් කැඳවාගන ගොස් කොටළුවන්ට ගෝචර දුන්නේය. ඔව්හු තමුන්ගේ පාද සෝදාගෙන කෑවෝය, බීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 එවිට ඒ මහලු මිනිසා ඔවුන් තමාගේ ගෙදරට කැඳවාගෙන ගොස්, කොටළුවන්ට කන්නට දුන්නේ ය. ඔව්හු ද තමන්ගේ පාද සෝදාගෙන ආහාර පාන අනුභව කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 එවිට ඒ මහලු මිනිසා ඔවුන් තමාගේ ගෙදරට කැඳවාගෙන ගොස්, කොටළුවන්ට කන්නට දුන්නේ ය. ඔව්හු ද තමන්ගේ පාද සෝදාගෙන ආහාර පාන අනුභව කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 19:21
9 හුවමාරු යොමු  

පැන් ටිකක් ගෙනෙන්ට ඉඩ දී ඔබවහන්සේලාගේ පාද සෝදා, ගස යට පහසුගත මැනව.


ඒ මනුෂ්‍යයා ඔවුන් යෝසෙප්ගේ ගෙට කැඳවාගෙන ගොස් ඔවුන්ට වතුර දුන්නේය, ඔව්හු පාද සෝදාගත්තෝය; ඔහු ඔවුන්ගේ කොටළුවන්ටත් ගොදුරු දුන්නේය.


පසුව දාවිත්: නුඹ ගෙදර ගොස් නුඹේ පාද සෝදාගන්නැයි උරියාට කීවේය. උරියා රජ ගෙදරින් පිටතට ගියේය, රජුගෙන් ආහාර කොටසක් ඔහු පස්සෙන් හරින ලද්දේය.


ස්ත්‍රිය දෙසට හැරී, සීමොන්ට කථාකොට: මේ ස්ත්‍රිය නුඹට පෙනෙනවාද? මම නුඹේ ගෙදරට ඇතුල්වුණෙමි, නුඹ මාගේ පාද සෝදන්ට වතුර දුන්නේ නැත. නුමුත් මෑ තමාගේ කඳුළෙන් මාගේ පාද තෙමා, ඇගේ හිසකේවලින් ඒවා පිසදැමුවාය.


යහපත් ක්‍රියා ගැන ප්‍රසිද්ධවූ, දරුවන් ඇතිකළාවූ, ආගන්තුක සත්කාරකළාවූ, ශුද්ධවන්තයන්ගේ පාද සේදුවාවූ, පීඩා විඳින්නන්ට උපකාරකළාවූ, සියලු ආකාර යහපත් ක්‍රියාවල යෙදී සිටියාවූ තැනැත්තියක්ය.


ඈද නැගිට මුහුණින් බිමට නැමී: ඔබගේ දාසී මාගේ ස්වාමියාගේ සේවකයන්ගේ පාද සෝදන්ට දාසියකැයි කීවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්